ගෝඨාගේ බෝම්බය ගැන ෆොන්සේකා නැවතත් කට අරී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

ගෝඨාගේ බෝම්බය ගැන ෆොන්සේකා නැවතත් කට අරී

ගෝඨාගේ බෝම්බය ගැන ෆොන්සේකා නැවතත් කට අරී (VIDEO)
බෝම්බයක් ඈත තබා පිපිරවීමට තරම් LTTE සංවිධානය මෝඩ නැති බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවක් අතරතුර ඔහු මේ බව පැවසූවේ යුධ සමයේ දී එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය පිළිබඳ අදහස් පළ කරමිනි.

මෙම බෝම්බය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම සැලසුම් සහගතව පුපුරවාගන්නා ලද්දක් බවට ෆොන්සේකා මහතා පසුගිය දා පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශ කළ අතර පසුව රාජපක්ෂ මහතා විසින් එයට පිළිතුරු ද ලබා දුන්නේ ය.

"මේ වගේ මෝඩ කතා කියන පුද්ගලයින්ව හමුදාපති කරපු අපිටයි ගහන්න ඕනේ" යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ය.

රාජපක්ෂ මහතාගේ එම පිළිතුරු දීමට නැවත පිළිතුරු දීමක් ලෙස සරත් ෆොන්සේකා මහතා ඊයේ (12) නැවත අදහස් පළ කළේ ය. හිටපු ආරක්ෂක ලේකම්වරයා ගමන්ගත් රථයට එපිටින් තිබූ වාහන තුනකට එහායින් මෙම බෝම්බය පුපුරා ගිය බවත් රාජපක්ෂ මහතා ගමන් කළේ වෙඩි නොවදින රථයකින් වීම හේතුවෙන් එවැනි රථයක් ළඟට නොපැමිණ දුර සිට බෝම්බය පිපිරවීමට තරම් LTTE සංවිධානය මෝඩ නැතැයි පැවසූ ෆොන්සේකා මහතා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම බෝම්බය කිලෝ 30ක් පමණවන බෝම්බයක් බව පැවසුව ද ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිපදවාගත්තා යැයි තමා සිතන බෝම්බය කිලෝ 5ක් පමණ වන්නක් බව යි.

එමෙන්ම බෝම්බය තිබූ ත්‍රිරෝද රියෙහි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සිටි බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් ඇතැම්විට මෙම බෝම්බය දුරස්ථ පාලකයක් ආධාරයෙන් පුපුරවන්නට ඇති බවත් හිටපු හමුදාපතිවරයා පැවසුවේ ය.

තව ද බෝම්බය පුපුරා ගිය දිනයේ පමණක් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් විෂ වායුවලට මුහුණ දිය හැකි මුහුණු ආවරණයක් විශේෂයෙන්ම රථයේ තබාගත්තේ ඇයි දැ යි ෆොන්සේකා මහතා ප්‍රශ්ණ කර සිටියේ ය.
ප්‍රහාරයෙන් තුවාළ වූ හමුදා සෙබලෙකු පැමිණ අතින් ඇද පිටතට ගන්නා තෙක් රාජපක්ෂ මහතා රථය තුළට වී සිටි බවත් එම හමුදා සෙබලාගේ රුධිරය රාජපක්ෂ මහතාගේ කමිසයේ තැවරුණු බවත් පසුව තම සොයුරා වූ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට පෙන්වූයේ එම රුධිරය බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේ ය.

"බොරුවට කාඩ්බෝඩ් වීරයෝ වෙන්න හදන්න එපා" යැයි ද සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad