යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනයා සැමරීම වෙනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ යාපනයේ දී සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි.
ඒ සිවාජිලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරඹා ඇති "ජන සංහාර සතිය" යටතේ ය. විශේෂත්වය වන්නේ මෙම සැමරුම් උත්සවයට පැමිණ සිටියේ ඉතාමත් සුළු පිරිසක් වීම යි. යුද්ධයෙන් මියගිය දෙමළ ජනයා සැමරීමට උතුරේ ජනතාව කාගෙන්වත් අවසරගත යුතු නැතැයි ඒ මහතා පසුගිය දා පැවසුවේ ය.
මෙවන් සැමරුම් උත්සව මාලාවක්ම පැවැත්වීමට ඔවුන් සැළසුම් කර ඇති අතර යුද්ධය අවසන් වූ මුලතිව් හි වෙල්ලමුල්ලිවෛක්කාල් ප්‍රදේශයේ දී ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බව යි සිවාජිලිංගම් මන්ත්‍රීවරයා පවසන්නේ. එම උත්සවය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

No comments:
Post a Comment