ශාස්ත්‍රීය,බටහිර සහ කර්ණාඨක යන සංගීත ශෛල්‍ය තුනම හැදෑරු පුද්ගලයන් සොයා ගැනීම දුර්ලභ කරුණක්.ඒ.ආර්.රහුමාන් මේ ශෛල්‍ය තුනම හැදෑරු පුද්ගලයෙක් ලෙසයි සැලකෙන්නේ.
ශ්‍රී ලංකාවේ තරුණ සංගීත ශිල්පියෙක් රහුමාන් ගිය ගමන යාමට වෙරදරන බවක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දකින්නට ලැබෙනවා. වයස අවුරුදු විසි හයක් තුළ ශාස්ත්‍රීය හැදෑරීම නිමා කර බටහිර සහ කර්ණාඨක යන සංගීත ශෛල්‍ය හැදෑරීමේ යෙදෙන අසංක රන්දික ද එවැනි දුර්ලභ සංගීතවේදියකු වන ලකුණු මේ වන විටත් පහළවී ඇති බවයි පැවසෙන්නේ.
බෙල්වුඩ් සංගීත නිකේතනයේ මේ වන විට ශිල්ප හදාරන ඔහු විශාරද උපාධිය (වයලින්)සහ ලන්ඩන් විභාගයේ පස්වන අදියර (සැක්සෆෝන්)සමත්ව සිටිනවා. අසංක රන්දික මේ වන දක්ෂ සැක්සෆෝන් වාදකයෙක් ලෙස නමක් දිනා සිටිනවා. අසංක රන්දිකට ඔහුගේ හිතවතුන්ද ෆේස්බුක් ඔස්සේ සුබ පතන්නේ ඒ.ආර්.රහුමාන් කෙනෙකු වීමටයි.
"තව තවත් සංගීත අඹරෙහි නිම් වළලූ පුළුල් කරමින් සංගීත ලෝකයෙහි දිදුලන සුදිලෙන බැබලෙන සුපිරි තරුවක් වන්නට ... එසේම සැමදා නුඹ පැතූ මෙන්ම නුඹේ සුවිශේෂී සුවිශාල සිහිනය වූ... ලක් මවට තවත් කේමදාසයක් කෙනෙකු වන්නට, ලොවට තවත් A R රහුමාන් කෙනෙකු වන්නට අවැසි ශක්තිය - ධෛර්යය...."
ඔහුගේ දක්ෂතාවන් පහතින් නැරඹිය හැකියි...
Friday, May 13, 2016
රහුමාන්ගේ මග යන බෙල්වුඩ් තරුණයා (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment