යහපාලන ආණ්ඩුව ගෙනයන දුර්දාන්ත පාලනය, දුර්දාන්ත ක්‍රියා, රජයේ වැරදි තීරණ පිළිබඳ මෙරට සංඝයා වහන්සේලාගේ විරෝධය දැක්වීම වෙනුවෙන් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය ලබන 15වැනි දා සවස 03.00ට ගල්ලේ ධර්මපාල උද්‍යානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ පිළිබඳව වූ පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලංකා සමසමාජ පක්ෂයේ සාමාජික බද්දේගම සමිත හිමියන් ප්‍රකාශ කළේ මේ වනවිට රටට විශාල විපතක් සිදුවෙමින් පවතින බවත් යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට ජීවත්වීමට බැරි තත්ත්වයට රට පත්කොට ඇති බවත් ය.
මෙවර මැයි දිනයේ දී රට පුරා පැවති රැස්වීම්වලදී හිටපු ජනාධිපතිවරයාට සියල්ලෝම බැන්නේත්, ඔහු හතුරෙකු ලෙස සලකා කටයුතු කරන්නේත් ඔහු මේ රටේ බිහිවූ සැබෑ ජන නායකයෙක් නිසා බව සඳහන් කළ උන්වහන්සේ වර්තමාන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතාට බියෙන් පසුවන බවත් රටේ ප්‍රශ්න කොතෙකුත් තිබීයදී රටේ ප්‍රධාන ප්‍රශ්නය බවට ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීම පත්කරගෙන ඇති බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment