සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 254 කට සීමා කිරීමට එසෙක්ස් පන්දු යවන්නෝ සමත් වී තිබේ.
ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලියේ පළමු පුහුණු තරගය ලෙස චෙල්ම්ස්ෆෝඩ් ක්‍රීඩාංගණයේ දී ඊයේ (08) ඇරඹුනු එම තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේ ය.
දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වා ආරම්භක පිතිකරුවන් ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 16 ක් වනවිට ඔවුන් දෙදෙනාම ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට 18 හැවිරිදි ආරොන් බෙයාර්ඩ් සමත් විය.
කෙසේ වෙතත් ටෙස්ට් තරග 03 ක් පමණක් ක්‍රීඩා කර ඇති නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 106 කදී ලකුණු 66 ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කිරීමට සමත් විය. එමෙන් ම ටෙස්ට් තරග 04 කට පමණක් එක් වී ඇති නිරෝෂන් දික්වැල්ල ලකුණු 53 ක් රැස් කළේ ය.
නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 30 කට හා උප නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 27 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම යම් ස්ථාවරත්වයකට ගෙන ඒමට වෙහෙසක් දැරූහ. කෙසේ වුව ද ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 07 බිඳු වැටුණේ ලකුණු 127 ක් තුළ දී ය.
එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් බෙයාර්ඩ් පන්දුවාර 16 කදී ලකුණු 62 කට කඩුලු 04 ක් දවාළමින් පන්දුවෙන් දස්කම් දැක්වී ය.
Monday, May 9, 2016
කුසල් හා නිරෝෂන්ගෙන් දස්කම්
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment