පිලිපීන මහ මැතිවරණය අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

පිලිපීන මහ මැතිවරණය අද

පිලිපීන මහ මැතිවරණය අද (09) පැවැත්වීමට නියමිත ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය පිලිපීන ඉතිහාසයේ දැඩි ප්‍රචණ්ඩත්වයක් මධ්‍යයේ පැවැත්වෙන මැතිවරණයක් බව වාර්තා වේ.

ගත වූ දින කිහිපය තුළ පමණක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ. පවතින තත්ත්වය හේතුවෙන් අද දිනයේ පිලිපීන රජය එරට ආරක්ෂාව තරකර ඇති බව වාර්තා වේ.

අද මැතිවරණයෙන් ජනාධිපතිවරයා උප ජනාධිපතිවරයා සෙනෙට් සභිකයන් සහ පළාත්පාලන නියෝජිතයන් තෝරාගනු ඇත. පසුගිය 2010 වසරේ පැවති මැතිවරණයෙන් වත්මන් පිලිපීන ජනාධිපති බෙනිග්නෝ ඉක්වීනෝ බලයට පත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad