අගමැතිගේ හා ඇමතිවරුන්ගේ කෝටි ගණන් වියදම් ගැන හෙළිදරව්වක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

අගමැතිගේ හා ඇමතිවරුන්ගේ කෝටි ගණන් වියදම් ගැන හෙළිදරව්වක් (VIDEO)

අගමැතිගේ හා ඇමතිවරුන්ගේ කෝටි ගණන් වියදම් ගැන හෙළිදරව්වක් (VIDEO)
අග්‍රාමාත්‍යවරයා තම ප්‍රභූ ආරක්ෂක රථ වෙනුවෙන් යැයි කියා ලක්ෂ 6000කට ආසන්න මුදලක් වෙන් කරගෙන ඇති බවත් මෙම මුදලින් මිල දී ගන්නා බව සඳහන් වන්නේ වාහන දෙකක් පමණක් බවත් එසේ නම් එක් වාහනයකට ලක්ෂ 3000ක් පමණ වන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එසේ නම් ඒවා හෙලිකොප්ටර් විය යුතු බව යි ඒ මහතා එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා උපහාසාත්මකව කියා සිටියේ.


ඔහු මේ බව පැවසූවේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවක් අතරතුර දී ය.
තව ද ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තම නිල නිවාසයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් 4,260,000ක මුදලක් ද, තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍යවරයාගේ නිල නිවාසය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් 8,850,000ක මුදලක් ද එම අමාත්‍යංශයේම ගොඩනැගිලි සංකීර්ණයක වියදම් වෙනුවෙන් ලක්ෂ 1160ක් ද, රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම් මහතා තම අමාත්‍යංශයේ කාර්යාල පරිශ්‍රය සැකසීම සඳහා ලක්ෂ 600ක් ද වශයෙන් පරිපූරක ඇස්තමේන්තුවෙන් මුදල් වෙන් කරගෙන ඇති බව ද අනුර කුමාර දිසානායක මහතා හෙළි කළේ ය.

අයවැය ලේඛණයෙන් සම්මත නොකරන ලද බදු ජනතාව වෙත පටවන අතර පරිපූරක ඇස්තමේන්තුවක් හරහා ජනතාවගේ නහර කපා ලේ අරගෙන අග්‍රාමාත්‍යවරයාගේ සහ ඇමතිවරුන්ගේ උදර පෝෂණය කිරීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බව යි දිසානායක මහතා අවධාරණය කළේ.

වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad