උදය ගම්මන්පිල මහතා පෞද්ගලික බැංකුවක කොටස් ව්‍යාජ ඇටෝනි බලපත් මගින් විකිණීම පිළිබඳ පරීක්ෂණ අවසන් කර සාධාරණ කාලයක් ගත වුවද නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරි පියවර නොගැනීමෙන් ශ්‍රී ලංකාවේ ආයෝජකයින්ට බලවත් අසාධාරණයක් සිදුකරන බව බ්‍රයන් ෂෙඩික්ගේ ඇටෝනි බලකරු වන ලසිත පෙරේරා මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල මහතා සිදුකරන ලද තවත් කූට, වංචනික ක්‍රියා රැසක් හා නීතිය අවභාවිතා කිරීමේ තොරතුරු රැසක් හෙළිදරව් වී ඇති බවද ඔහු අවධාරණය කළේය. තමන් හෙළිකරන දේ අසත්‍ය නම් ප්‍රසිද්ධ වාදයකට එන ලෙසත් නැතිනම් තමාට විරුද්ධව නඩු දමන ලෙසත් හෙතෙම ගම්මන්පිල මහතා වෙත අභියෝගයක් ද සිදු කළේය.
මෙරට ආයෝජකයෙකු වු බ්‍රයන් ෂෙඩික් නමැති විදේශිකයා සතු සමාගම් කොටස් විකුණමින් එම මුදල් වංචා සහගත ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ඊයේ (05) දහවල් පැවැති මාධ්‍ය හමුවේදී මේ අදහස් පළ විය.
එහිදී ලසිත පෙරේරා මහතා මෙසේ ද කීය.
“මේ සමාගමේ එවකට විධායක අධ්‍යක්ෂවරයෙක් ලෙස ගම්මන්පිල මහතා කටයුතු කළේ. මේ අනුව අදාල ආයෝජකයාට අයත් සිලෝන් ටී ගාර්ඩන් සමාගමේ කොටස් හා දේපළ ද ගම්මන්පිල මහතා නීති විරෝධී ලෙස විකුණා තිබෙනවා. මේ ගැන දැනට පොලිස් විමර්ශන සිදුවෙමින් තිබෙන්නේ.“
ව්‍යජ ඇටෝනි බලපතක් මඟින් පෑන් ඒෂියා බැංකුවේ කොටස් විකිණීම සම්බන්ධ සියලු විමර්ශන අවසන් කැර සාධාරණ කාලයක් ගතව ඇතත් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරි පියවර නොගැනීම අගතියට පත් පාර්ශවට මෙන්ම මෙරට ආයෝජකයින්ට කරන බලවත් අසාධාරණයක් බවද හෙතෙම අවධාරණය කරයි.
ලසිත පෙරේරා මහතා සිදුකළ හෙළිදරව්වේ වීඩියෝව පහතින් නරඹන්න...

No comments:
Post a Comment