'මං පෙන්වන්නම් දැන් තියෙන යුද්දේ මොකක්ද කියලා' - විමල්ගෙන් සැර කතාවක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

'මං පෙන්වන්නම් දැන් තියෙන යුද්දේ මොකක්ද කියලා' - විමල්ගෙන් සැර කතාවක් (VIDEO)

'මං පෙන්වන්නම් දැන් තියෙන යුද්දේ මොකක්ද කියලා' - විමල්ගෙන් සැර කතාවක් (VIDEO)
නොමිලේ වයි-ෆයි දෙන බව කියමින් බලයට ආ ආණ්ඩුව අද වන විට තරුණ තරුණියන්ට මලක් කඩාගන්නවත් බැරි තරමට දුරකතන ගාස්තු ඉහල දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. පනත සංශෝධනය නොකර වැට් බද්ද වෙනස් කළ නොහැකි බවත් මෙම බදු අය කිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් පනත සංශෝධනය නොකර පාරිභෝගිකයාගෙන් වැට් බද්ද අය කිරීම සම්බන්ධයෙන් තමන් අධිකරණයට යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෝටර් සයිකලයේ යන අයට කාර් එකක් දෙන බව එදා කියුවද අද වන විට කාර් දිහා බලන්නවත් බැරි තත්වයට පත් වී ඇති බවත් ආර්ථිකය දණගස්වා ඇතැයිද ඔහු කියා සිටියේය.

වැට් බදු ගැන විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ කතාව පහතින් නරඹන්න....

No comments:

Post a Comment

Post Bottom Ad