ජවිපෙ සිද්ධියට පුවත්පතෙන්ම සාධාරණය ඉටු කිරීමට පියවර (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

ජවිපෙ සිද්ධියට පුවත්පතෙන්ම සාධාරණය ඉටු කිරීමට පියවර (VIDEO)

ජවිපෙ සිද්ධියට පුවත්පතෙන්ම සාධාරණය ඉටු කිරීමට පියවර (VIDEO)
ජනමාධ්‍යවේදීන්ගේ භාවිතාවේ දී ඔවුන් කටයුතු කළ යුතු සම්මත ආචාරධර්ම මාලාව, කර්තෘ සංසද ආචාර ධර්ම මාලාවට පටහැනි ලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කර ඇත්නම් එය පැමිණිල්ලක් ලෙස බාරලනු ලබන බව ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරී කමල් ලියනාරච්චි මහතා සඳහන් කරයි.

යම් පුද්ගලයෙක්, ආයතනයක්, දේශපාලන පක්ෂයක්, සංවිධානයක් පුවත්පතක පළවන පුවතක් හේතුවෙන් අගතියට පත්වන්නේ නම් එම පාර්ශවයට ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව පසුගිය දා දිවයින පුවත්පතේ පළ වූ පුවතක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිස තම කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ඔහු පැවසී ය.
යම් ලෙසකින් පුවත්පතක පළ වූ පුවතක් හේතුවෙන් අගතියට පත් පිරිසට පුවත්පත තුළින් ම සාධාරණය ඉටු කරදීමට කටයුතු කරන බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad