ශාරුක් වෙනුවෙන් පසුබිම් ගී ගයන ඉන්ෆාස් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

ශාරුක් වෙනුවෙන් පසුබිම් ගී ගයන ඉන්ෆාස් (VIDEO)

'ඉන්ෆාස්' යන්න කවුරුන් ද යන්න සවිත්රාත්මක ව විස්තර කළ යුතු නොවේ. Youtube තුළ මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ දිදුලන තරුවක්වන ඉන්ෆාස් අද ලංකාවේ මෙන් ම ඉන්දියාවෙත් තවත් රටවලත් වැඩි දෙනා කතා කරන්නෙ, බොලිවුඩයේ රජු ලෙස හැඳින්වෙන ශාරුක්ඛාන් රඟන 'ෆෑන්' චිත‍්‍රපටය හේතුවෙනි.

මනුරංග රචනා කළ ගී රචනයකට අනුව 'කොහෙද හලෝ ඔබ ඉන්නේ මෙතැන සහෝ ඔබ ඉන්නේ' ගීතය ගයන්නෙ ඉන්ෆාස් ය. එම චිත‍්‍රපටයේ රූප රාමු සඳහා ඉන්ෆාස්ගෙ හඬට එම ගීතය ගායනා කරමින් රංගනයෙන් දායකවන්නේ ශාරුක් ඛාන් ය. ශ්‍රී ලාංකීය ශිල්පියකුගේ හඬට ශාරුක් මෙලෙසින් එක් වූ ප‍්‍රථම අවස්ථාව මෙන් ම බොලිවුඩයෙන් ලැබුණු පළමු අවස්ථාව මෙය ලෙසත් පෙන්වා දිය හැකි ය.

එම අවස්ථාව තමාට ලැබීම සම්බන්ධයෙන් ඉන්ෆාස් පවසන්නේ තම සිහින සැබෑවීමක් ලෙසයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ඉන්ෆාස් "බොලිවුඞ් තිරයට සිංහල සිංදුවක් කිරීමේ අවස්ථාව ලැබුණෙ මගේ මිතුරු ක‍්‍රිෂාන් මහේෂන් නිසයි. එයා යුනිසිස් සමාගම එක්ක ගිවිසගත් ආටිස්ට් කෙනෙක්. ඒ අනුව තමයි ඉන්දියාවේ අංක එකේ චිත‍්‍රපට නිෂ්පාදන සමාගමක් වන "යෂ්රාජ් ෆිල්ම්ස්" සමග ලෝකයම පිළිගත් ශාරුක්ඛාන් වෙනුවෙන් මේ ගීතය නිර්මාණය වුණේ. 


මේක ඇත්තටම මම දකින්නෙ මා තනිවම ලද ජයක් හැටියට නෙවෙයි, ලංකාව ලද විශාල අවස්ථාවක් ලෙසයි. ශාරුක් එයාගෙ ටුවිටර් පිටුවේ පවා මේ ගැන සඳහන් කරලා තිබුණා. පළමු වතාවට එහෙම කරලා තිබුණෙ. 

මිලියන 20ක් විතර එයාගෙ ටුවිටර් පිටුව හා සම්බන්ධව සිටිනවා. බොහෝ වෙලාවට මෙතෙක් සිදුවුණේ ඉන්දියානු ආටිස්ට් කෙනෙක් මුදල් ගෙවා ලංකාවට ගෙන්වීමයි. නමුත් මේ මොහොතේ ඉන්දියාව ලංකාවේ ආටිස්ට් කෙනෙකුට දීපු මේ තැන හරි වටිනා අවස්ථාවක්." යනුවෙන් සඳහන් කර තිබේ.

එම ගීතය පහතින්, 


 

No comments:

Post a Comment

Post Bottom Ad