තායි ගණිකාවට ඒඩ්ස් බව තහවුරු වෙයි - පිටුවහල් කිරීමට නියෝග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

තායි ගණිකාවට ඒඩ්ස් බව තහවුරු වෙයි - පිටුවහල් කිරීමට නියෝග

වැල්ලවත්ත ප්‍රදේශයේ දී වැටලූ ගණිකා මධ්‍යස්ථානයකින් අත්අඩංගුවට ගත් කතුන් අතර සිටි තායිලන්ත ජාතික ගණිකාවන් දෙදෙනෙකුට ඒඩ්ස් වැළඳී ඇති බවට සැක පළ කෙරමින් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ වූ අතර එම කතුන්ගෙන් එක් අයෙකුට HIV ඒඩ්ස් ශරීරගත වී ඇති බවට තහවුරු වී තිබේ.

අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවන් දෙදෙනා වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා ඉදිරිපත් කර තිබුණු අතර අදාළ කාන්තාව ඒඩ්ස් ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ ඉන් අනතුරුව යි.

මෙම ස්ථානයේ සිටි ගණිකාවන් ඇසුරු කිරීම සඳහා පුද්ගලයන් රැසක්‌ පැමිණ ඇති අතර ඒඩ්ස්‌ ආසාදිත බවට හඳුනා ගෙන ඇති තායිලන්ත ජාතික කාන්තාව ද ඉන් බොහෝ දෙනෙකු සමඟ ලිංගිකව හැසිරී ඇති බව හෙළිවී ඇත. මේ අනුව එම කාන්තාව මගින් බොහෝ පිරිසකට HIV ඒඩ්ස් පැතිර ඇතැයි සැක පහල වී තිබේ.

ආසාදිත තායි ගණිකාව වහාම රටින් පිටුවහල් කරන ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇති අතර ඇය රටින් පිටුවහල් කරන තෙක් මිරිහාන රැඳවුම් කඳවුරේ ආරක්ෂිතව රඳවා තබා ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad