දුරකතනය නිසා තරුණයෙක් මරු දකී (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

දුරකතනය නිසා තරුණයෙක් මරු දකී (PHOTOS)

කිලිනොච්චිය, පරන්තන් දුම්රිය ස්ථානය අසල දී යාපනය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් ඊයේ (08) තරුණයෙකු මියගොස් තිබේ.

ඊයේ දහවල් 2.45ට පමණ දුම්රිය පැමිණෙන අවස්ථාවේදී අදාළ තරුණයා දුරකතනයෙන් කතා කරමින් නොසැළකිලිමත්ව දුම්රිය මාර්ගයේ පැමිණ ඇති අතර එහිදී ඔහු දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ කිලිනොච්චිය පොලීසිය අනාවරණය කරගෙන ඇත.

අදාල අනතුරින් මියගොස් ඇත්තේ වව්නියාව, පම්පමඩුව ප්‍රදේශයේ පදිංච නූසන් අන්වර් නැමති  22 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

ඡායාරූප පහතින්....

වන්නි -  රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad