පැවිදි හඬ තාවකාලිකව නිහඬවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

පැවිදි හඬ තාවකාලිකව නිහඬවෙයි

පැවිදි හඬ තාවකාලිකව නිහඬවෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව ලබන 15වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ භික්ෂු සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරයි.

උන්වහන්සේ මේ බව කියාසිටියේ අද (09) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 'පැවිදි හඬ' සංවිධානය විසින් ගාල්ල ධර්මපාල උද්‍යානයේ දී මෙම භික්ෂු සත්‍යග්‍රහය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපතිවරයොගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවිදි හඬ සංවිධානයට සාකච්ඡාවක් ලබාදී ඇති බැවින් එම සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad