කේ.පීගේ නඩුව ලබන 30වැනිදා යළි කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

කේ.පීගේ නඩුව ලබන 30වැනිදා යළි කැඳවයි

කේ.පීගේ නඩුව ලබන 30වැනිදා යළි කැඳවයි
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ගොණු කර ඇති පෙත්සම ලබන 30 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි. පෙත්සම අද(09) කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් සිදු කරන බවයි.

ඒ අනුව පෙත්සම මේ මස 30 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදිනට පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් පවතින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට දැනුම්දී තිබේ.  

No comments:

Post a Comment

Post Bottom Ad