මඩ අවලාද ගැන ජවිපෙන් පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිල්ලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

මඩ අවලාද ගැන ජවිපෙන් පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිල්ලක්

මඩ අවලාද ගැන ජවිපෙන් පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිල්ලක්
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ පිරිසක් සති අන්ත පුවත්පතකට එරෙහිව පුවත්පත් පැමිණිලි කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුනිල් හදුන්නෙත්ති, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල් කාන්ත, බිමල් රත්නායක සහ නීතිඥ සුනිල් වටගල මහත්වරු පුවත්පත් කොමිසමේ ප‍්‍රධාන විධායක නිලධාරි සුකුමාර් රොක්වුඩ් සහ පැමිණිලි නිලධාරී කමල් ලියනාරච්චි යන මහත්වරුන් වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ. 

මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් පරීක්ෂණක් පවත්වා සත්‍ය හෙළි කරන ලෙසට ද ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා තිබිණි. 

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

“පසුගිය ඉරිදා එක්තරා සති අන්ත පුවත්පතක ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පළවු වාර්තාවට එරෙහිව අද දිනයේ අපි පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිල්ලක් කළා. එම පුවතේ පළකර තිබු ප‍්‍රවෘත්තියක් ඒ සමඟ බැදුණ විශේෂාංගයත් අපි මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරනවා. අවලාද මඩ අසත්‍ය තොරතුරු වලින් පිරි ප‍්‍රවෘත්තියක් තමයි එම පුවත්පත පළකර තිබෙන්නේ.

මෙම පුවත්පත මේ රටේ මාධ්‍ය  සම්ප‍්‍රදාය  උල්ලංඝනය කරමින් පරාජිත   රාජපක්ෂ  කල්ලියේ මඩ ගොඩක් බවට පත්වීමේ අරමුණින් මෙම ප‍්‍රවෘත්තිය ඉදිරිපත් කර තිබේ. මෙම පුවත්පත මීට පෙර ඉතාමත් වගකීමෙන් වැදගත් කර්තෘවරුන්  කටයුතු කර තිබෙනවා. ඔවුන් මේ රටේ ජාතික මෙහෙවර වෙනුවෙන් දායක වී තිබුණා.“ යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.   

No comments:

Post a Comment

Post Bottom Ad