වවුනියාවේ වෙළෙන්දන් උද්ඝෝෂණයක (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 7, 2016

වවුනියාවේ වෙළෙන්දන් උද්ඝෝෂණයක (PHOTOS)

වවුනියාවේ වෙළෙන්දන් උද්ඝෝෂණයක (PHOTOS)
වවුනියාව නගරයේ වෙළෙඳ සංගම් සාමාජිකයින් අද (07) සිය කඩ සාප්පු වසා දමා වවුනියාව නගරයේදී උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ.

ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ යෙදෙන්නේ වවුනියාව තාණ්ඩිකුලම ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නව වෙළෙඳ සංකීර්ණය ඕමන්ත ප‍්‍රදේශයට රැගෙන යාමට ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උද්ඝෝෂකයින් කියාසිටින්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ සහ උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ පෞද්ගලික උවමනාවකට අනුව අදාළ වෙළෙඳ සංකීර්ණය ඕමන්ත ප‍්‍රදේශයට රැගෙන යාමට තීරණය කර ඇති බවයි. 

වවුනියාවේ එළවළු ගොවීන් ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටි බව වාර්තා වන අතර උද්ඝෝෂකයින් විසින් මේ සම්බන්ධව වවුනියාව දිස්ත‍්‍රික් ලේකම්වරයා වෙත සංදේශයක් ද භාරදී  තිබේ.

vavuniya www.nethfm.com1
vavuniya www.nethfm.com2
vavuniya www.nethfm.com3
vavuniya www.nethfm.com4
vavuniya www.nethfm.com5

No comments:

Post a Comment

Post Bottom Ad