ඉස්කෝලෙකට ගියනැති එවුන් පක්ෂය විනාශ කරනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 7, 2016

ඉස්කෝලෙකට ගියනැති එවුන් පක්ෂය විනාශ කරනවා

ඉස්කෝලෙකට ගිහින් නිසි අධ්‍යාපණයක් නොලැබු පාලිත තෙවරප්පෙරුම වැනි නිකමුන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණ හැසිරෙන සහ කට වාචාලයෙකු මෙන් කියවන අකාරය දැක්කාම පක්ෂය පිළිබඳව කලකිරීමට පත්වන බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිය සමිපතම මිත්‍රයෙකු සමග පවසා තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ  සිදුවු ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රන්ජන් රාමනායක පවසා ඇත්තේ “ඉස්කෝලෙකට ගිය නැති එවුන් එක්සත් ජාතික පක්ෂය වැනි බුද්ධිමතුන්ගේ පක්ෂය නියෝජනය කරමින් චණ්ඩිකමින් පාර්ලිමේන්තුවට පැමිණ ….ජනාධිපතිවරයාවද බයට පත්කර ඇමතිකමක් ලබා ගෙන දැන් පක්ෂය විනාශ කරන්න හදන්වා”
පසුගිය එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය මතුපිටම තිබේන සමයේ පක්ෂයේ නායකත්වයට විරුද්ධව තැන තැන ගොස් කුණුහරුපයෙන් බැන වදිමින් පාලිත තෙවරප්පෙරුම කටයුතු කල අයුරුද රංජන් රාමනායක මතක් කර තිබේ.

“පක්ෂයේඇතැමුන්ගේ විනය සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය දැඩි තින්දුවක් නොගැනිමට කටයුතු කලහොත් රටේ සංහිදායව කෙසේවෙතත් පක්ෂයේ සහ ජාතික ආණ්ඩුවේ සංහිදියාවට කෙලවෙන දවස වැඩි ඇතක් නැති බවද නී.අමාත්‍යවරයා සදහන් කර තිබේ.”

No comments:

Post a Comment

Post Bottom Ad