පසුගිය දිනක පැවතී Met Gala උත්සවයට සහභාගී වූ කයිලි ජෙනර්ගේ ගවුම කාගේත් කතාබහට ලක්වන්නක් වුණා.
ඇය කිම් කාර්ඩශියන්ගේ බාල සොහොයුරියයි.
අධික මිලකින් යුත් මෙම ඇඳුම ඇය ආඩම්බරයෙන් ඇඳන් හිටියත් එම ගවුම නිසා ඇගේ එක් පාදයක් සීරී ඇති අාකාරය හා ඇය පැළඳ සිටි සපත්තුව නිසා අනෙක් පාදය දම් පැහැයට හැරී තිබුණ අකාරය දක්වමින් ඇගේ මව වන ක්‍රිස් ජෙනර් ෆේස්බුක් වෙත ඡායාරුපයක් මුදා හැර තිබුණා.
එසේවුවත් Snap Chat හරහා ඇය පවසා තිබුණේ එම ගවුම හා පාවහන් නිසා ඇගේ දෙපා වලට තුවාල සිදුවුවත් එය තමාට වටිනාකමක් ගෙන ආ බවයි. ඇය සාදය අවසානයේ ඇගේ මිල අධික පාවහන් ගලවා සොයුරිය කිම් සමග අතින් අල්ලාගෙන යන ඡායරුපයක් ද අන්තර්ජාලයේ මේ වන විට හුවමාරුවෙමින් පවතිනවා.
එම උත්සවය ඇයට සිහිනයක් බව 18 හැවිරිදි කයිලි ඇගේ ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කර තිබුණා.
එම ඡායාරූප පහතින්....
කිම් කාඩිෂියන් තම සොහොයුරිය සමඟ...
ඇගේ තුවාල වූ පාදය...

No comments:
Post a Comment