හිටපු කොටි ගෙදර යයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

හිටපු කොටි ගෙදර යයි (PHOTOS)

හිටපු කොටි ගෙදර යයි (PHOTOS)
වව්නියාව පුන්තෝට්ටම් කඳවුරේ දී ආරක්ෂක අංශ භාරයේ සිටි පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් පසුගිය දා ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාර දී නිදහස් කර තිබේ.

ඒ අතර ග්‍රාම නිලධාරීන් ලෙස සේවය කළ පුද්ගලයින් සිව් දෙනෙක් ද සිටින බව වාර්තා වේ. වව්නියාව පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් 10 දෙනෙකු එලෙස නිදහස් කර ඇති අතර හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 29 දෙනෙකු මේ වනවිට එහි පුනරුත්ථාපනය වෙමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කරයි. 

වව්නියාව පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ සම්බන්ධීකරණ නිලධාරී කර්නල් එම්.ඒ.ආර්. හැමිඩෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නිදහස් කිරීම සිදු කරනු ලැබී ය.

වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad