කැලණිය සරසවිය විවෘත කිරීම ජුනි මාසයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

කැලණිය සරසවිය විවෘත කිරීම ජුනි මාසයට

කැලණිය සරසවිය විවෘත කිරීම ජුනි මාසයට
සිසුන් අතර පැතිර ගිය ආසාත්මිකතාවක් හේතුවෙන් වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ලබන ජුනි මස 01 වන දා ආරම්භ කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

මීට පෙර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කොට තිබුණේ හෙට (12) දිනයේදී ය. තවදුරටත් විශ්වවිද්‍යාලයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට ඇති බැවින් එය 01වනදාට  කල් තැබූ බව පාලනාධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව නේවාසිකාගාර වල සිටින සිසුන් මැයි 31 වැනි දින දහවල් 12.00 ට පසු විශ්වවිද්‍යාලය වෙත වාර්තා කරන ලෙස ද විශ්වවිද්‍යාලය දන්වා සිටියි. 

No comments:

Post a Comment

Post Bottom Ad