පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ ගේමක් ගැසිමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතර සිදුවු අතීශය රහසිගත සාකච්ඡාවක තොරතුරු අනාවරණය වි තිබේ.
පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායක ප්‍රදේශයන් ජයග්‍රහණය කිරිමට ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේ සහය ලබාදිමට ඒ ආකාරයට දිනාගන්නා පලාත් පාලන ආයතන වල උප සභාපතිකම හෝ උප නගරාධිපති කම ශ්‍රීලනීපයටත්,ශ්‍රිලනිප වාසිදායක පලාත් පාලන ආයතන වන උප සභාපතිකම හෝ උප නගරාධිපති කම එජාපයටත් ලබාදිමට මෙම සාකච්ඡා වලදි තින්දු කරගෙන තිබේ.
එවැනි ක්‍රියාවලියක් හරහා පමණක් මහින්ද සමග ගම් මට්ටමේ ඇතිවෙමින් තිබේන බලය මර්දණය කල හැකි බවයි දෙපාර්ශවයේම අදහස වි ඇත්තේ. මැයි දිනට පසුව රනිල් අහ මෛත්‍රී හමුවි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෛත්‍රීපාල සමග මෙම අවස්ථාවට එක්ව ඇත්තේ ශ්‍රිලනිප මහා ලේකම් දුමින්ද දිසානායක පමණි.
එම සාකච්ඡාවලට අනුව පළාත් පාළන ආයතන වල ජයග්‍රහණයේ තත්ත්වය කිරා මැනිම සදහා මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂයේ මුලස්ථානය වන සිරිකොත විශේෂ මෙහෙයුම් මැදිරියක්ද පිහිටුවිමට එජාපය කටයුතු කර ඇති අතර එම කටයුතු අවසන් වනතෙක් සීමා නිර්ණායක ගැටලුව පදනම් කරමින් මැතිවරණය කල් දැමිමට කටයුතු යොදවා තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.
උපුටා ගැනීම : Lankanewsweb.today
Wednesday, May 11, 2016
මෛත්‍රී යලිත් මහා පාවාදීමක් අභියස-මෛත්‍රී,රනිල් රහස් සාකච්ඡාවක් එළියට
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment