නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් රංගන ශිල්පිනියක් වුණු කෙනෙක් තමයි ඕෂධී හිමාෂා කියන්නේ. හුගක් මියුසික් වීඩියෝවලින් දකින්න පුළුවන් වෙන ඕෂධීගේ අලුත්ම විස්තර ගැනයි ඉදිරි කටයුතු ගැනයි අපි අහලා බැලුවා.
ඕෂධී මේ ගමන පටන් ගත්තේ කොහොමද..?
මම මුලින්ම මේ ගමන පටන් ගත්තේ නිරූපණ ශිල්පිනියක් විදිහට.
මේ දවස්වල මොනවද කරන වැඩ කටයුතු..?
නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරනවා.. ඒ වගේම මියුසික් වීඩියෝවලට රංගනයෙන් දායක වෙනවා.. තව ෆොටෝ ෂූට් කරනවා.
නිරූපණ ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයේ රැදිලා ඉන්නේ කැමැත්ත නිසාද නැත්නම් රස්සාවක් විදිහටද..?
මම මුලින්මනම් නිරූපන ක්ෂේත්‍රයට ආවේ කැමැත්තට. ඒත් දැන් මේක තමයි මගේ රස්සාව.
ඕෂධීට ඉස්සල්ලම ලැබුණේ මොනවගේ චරිතයක් රඟපාන්නද..?
ඉස්සල්ලම මම රියලිටි වැඩසටහනක වැඩක් තමයි කළේ.
රඟපාන්න ලස්සන විතරක් තිබ්බම ඇතිද..?
රගපාන්න ලස්සන විතරක් තිබිලා මදි.. කැපවීම, උනන්දුව ආශාව කියන මේ හැමදේම තියෙන්න ඕනේ.
ටෙලි නාට්‍ය වගේම ෆිල්ම්වලට එහෙම ආරාධනා ලැබිලා නැද්ද... ?
නාට්‍ය වලටත් ආරාධනා ලැබිලා තියෙනවා.. ෆිල්ම්වලටත් ලැබිලා තියෙනවා. ඒත් මම තාම ඒ එකක්වත් බාරගත්තේ නෑ.
ඕෂධී කැමති රංගන ශිල්පිනියක් විදිහට හදුන්වනවටද නැත්නම් නිරූපන ශිල්පිනියක් විදිහට හදුන්වනවටද..?
මම කැමති මාව නිරූපණ ශිල්පිිනියක් විදිහට හදුන්වනවට..
බොලිවුඩයේ රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ තෝරාගන්න නළුවා කවුද..?
ඇත්තටම මම කැමතිම බොලිවුඩ් නළුවා ශාරුක් ඛාන්.. ඒත් වයසත් එක්ක බැලුවම මට එයාව ගැලපෙන්නේ නෑනේ.
ගොඩක් අය රඟපානවට අමතරව බිස්නසුත් එකකුත් පටන් ගන්නවනේ.. ඉතිං ඔයාට බිස්නම් එකක් පටන් ගන්න එහෙම අදහසක් නැද්ද..?
ඔව්.... මාත් බිස්නස් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ.. හේතුව මේ ෆීල්ඩ් එකේ හැමදාම ඉන්න බෑනේ.. මේ ෆීල්ඩ් එකේ ඉන්න වෙන්නේ ලස්සන තියෙනකං විතරයි.. ඉතිං මගෙම කියලා දෙයක් ඉස්සරහට කරන්න ඕනේ..
මේ රස්සාවට ගෙදරින් අකමැත්තක් එහෙම නැද්ද..?
ගෙදරින් කිසිම ප්‍රශ්නයක් නැහැ...
ආදරේ ගැන මොකද හිතන්නේ.. ?
ආදරේ කියන්නේ හැමෝටම වගේ මටත් සුන්දර දෙයක්..
රඟපානවා කියන්නේ කටකතා ගොඩක් හදාගන්නවා වගේ වැඩක් නේද..? ඉතිං ගෑණු ළමයෙකුට මේ වැඩේ ගැලපෙනවද.?
ගැහැණු ළමයෙකුට ගැලපෙන්නේ නෑ තමයි.. ඒත් අපි මේ ෆීල්ඩ් එකේ ඉන්නවනම් කටකතාවලට හුරුවෙන්න ඕනේ.. තමන්ට තමන්ව විශ්වාසයිනම් කටකතාවලට බයවෙන්න ඕනේ නෑ.
හොඳ චරිතයක් රඟපාන්නනම් අධ්‍යක්ෂවරුන්ට අල්ලස් දෙන්නත් වෙනවා නේද...?
ඒක ඇත්තක් කියලා පිිළිගන්න බෑ.. මංගැන කතාකළොත් ඒක මම ප්‍රතික්ෂේප කරනවා.. අපේ දක්ෂතාවය තියෙනවනම්, රූපය තියෙනවානම්, වාසනාව තියෙනවානම් කාටවත් අල්ලස් දෙන්න ඕනේ නෑ.. මම කවදාවත් ඩිරෙක්ටර්ස්ලට කිසිම දෙයක් දීලා නෑ...
ගොසිෆ් සයිට් ගැන මොකද හිතෙන්නේ...?
ගොසිප් හොඳයි.. මම ගොසිෆ් සයිට්වල නරකක් දකින්නෑ.. අපේ දේ කැපිලා පේන්නේ ගොසිෆ්වලින් තමයි..
ඉදිරි බලාපොරොත්තු මොනවද...
මගේ ෆීල්ඩ් එකේ වැඩ කරගෙන සිනමාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවා..
ජීවිතේ කියන්නේ සල්ලිද....?
ජීවිතේ කියන්නේ සල්ලි නෙවෙයි සතුට..
Wednesday, May 11, 2016
Home
ඕපාදුප
මගේ වයසත් එක්ක බැලුවම මට එයා ගැලපෙන්නේ නෑ - මම ඩිරෙක්ටර්ස්ලට මොනවත්ම දීලත් නෑ - ඕෂධී හිමාෂා
මගේ වයසත් එක්ක බැලුවම මට එයා ගැලපෙන්නේ නෑ - මම ඩිරෙක්ටර්ස්ලට මොනවත්ම දීලත් නෑ - ඕෂධී හිමාෂා
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)










No comments:
Post a Comment