සියලු ජාතීන්ගේ ආරක්ෂක අංශයක් අවශ්‍යයයි - රෙජිනෝල්ඩ් කුරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

සියලු ජාතීන්ගේ ආරක්ෂක අංශයක් අවශ්‍යයයි - රෙජිනෝල්ඩ් කුරේ

සියලු ජාතීන්ගේ ආරක්ෂක අංශයක් අවශ්‍යයයි - රෙජිනෝල්ඩ් කුරේ
වර්තමාන රජයේ නව වැඩපිළිවෙලකට අනුව මේ දිනවලදී පොලීසියට ද්‍රවිඩ ජාතිකයින් බඳවා ගන්නා බවත් ඉන් ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න තේරුම්ගෙන ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳීමට ඔවුන්ගේ බසින් කතා කරන අය ඇති පොලීසියක් නිර්මාණය වන බවත් එලෙසම සිංහල, දෙමල සහ මුස්ලිම් යන සියලුම ජාතිකයින් සිටින පොලීසියක් නිර්මාණය කිරීමට රජය බලපොරොත්තු වන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් 7 වන රණවිරු සැමරුම් උළෙල සැමරීමේ උත්සවය ඊයේ (10) කිලිනොච්චිය කොකාවිල් රණවිරු ස්මාරකය ඉදිරිපිටදී සර්ව ආගමික නායකයින්, රාජ්‍ය නිළධාරීන්, යුධ හමුදා නිළධාරීන්ගේ හා රණවිරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදී ය.

එම උත්සවයට සහභාගී වී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා 30 අවුරුද්දක් තිස්සේ පැවති යුද්ධය පිළිබඳවත්, යුද්ධය දිනූ රණවිරුවන් වෙනුවෙන් අපට අහිමි වූ සියලු දෑ නැවත ගොඩනැගීමේ අභියෝගය අප භාරගත යුතු බවත් කියාසිටියේ ය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා " අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ සමගිය වෙනුවෙන් සංහිදියාව වෙනුවෙන් ජාතින් අතර සමානාත්මකතාව වෙනුවෙන් කටයුතු කරන නායකයෙක්. එතුමාට ඉතා දුෂ්කර ක්‍රියාවක් සිදු කරන්නට තිබෙනවා. ඒ උතුරේත් දකුණේත් සිටින අන්තවාදීන්ට හා මුලධර්මවාදීන්ට එරෙහිව මේ රටේ කෝටි ප්‍රකෝටි අහිංසක සාමකාමී ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීමයි.ඒ ගමන හරිම දුෂ්කරයි. 

ඒ ප්‍රශ්න බාධක මැඩගෙන යාමට එතුමාට ආත්ම ශක්තිය තිබෙන බව මට විශ්වාසයි. උතුරේ කදවුරු වලට අත්පත් කර තිබුන ඉඩම් නැවත ඒ ප්‍රදේශයේ ජනතාවට දිය යුතුයි කියලා දැඩි මතයක සිටිනවා. උතුරේ ඉඩම් මේ ප්‍රදේශයේ ජනතාවට ලබාදීම තමයි අපේ ආණ්ඩුවේ අරමුණ" යැයිද පැවසීය.

ඡායාරූප පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad