හැටන් - නුවරඑළිය මාර්ගයත් නාය යයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

හැටන් - නුවරඑළිය මාර්ගයත් නාය යයි (PHOTOS)

අධික වර්ෂාවත් සමග විශාල උණ ගස්  පඳුරක් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයට කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇති වී තිබේ. 

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (03) පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමගම හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සෙන්ටික්ලේයාර් ප්‍රදේශයේ දි ප්‍රධාන මාර්ගය අභියස වූ විශාල උණ ගස් පඳුරක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඊයේ (03) පස්වරු 04.00 සිට 05.00 දක්වා ඇණහිට ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

ප්‍රදේශවාසින් හා තලවාකැලේ පොලීසියේ නිලධාරින් එක් ව මාර්ගය අවහිර කරමින් වැටි තිබු උණ ගස් කපා ඉවත් කිරීමෙන් අනතුරු ව එම මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මංතීරුවකට පමණ සීමා කර ඇත.
ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති උණ ගස සහ පස් කන්ද ඉවත් කිරීමට කටයුතු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බව තලවාකැලේ පොලීසිය සඳහන් කරයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad