බ්‍රිතාන්‍යයේ පැවති දූෂණ විරෝධී සමුළුවට සහභාගීවීම සඳහා එංගලන්තයට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
ජනපති මාධය අංශය ප්‍රකාශකළේ ඊයේ (12) මෙම සාකච්ඡා පැවැති බවයි. මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනයකට අනුව මෛත්‍රීපාල ජනාධිපතිවරයා අද (13) දින ඉන්දියාවේ වෙත යෑමට ද නියමිතය.
ඡායාරූප පහතින්...
ජනපති මාධය අංශය ප්‍රකාශකළේ ඊයේ (12) මෙම සාකච්ඡා පැවැති බවයි. මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනයකට අනුව මෛත්‍රීපාල ජනාධිපතිවරයා අද (13) දින ඉන්දියාවේ වෙත යෑමට ද නියමිතය.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ උජ්ජායින්හි පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ වැඩසටහනකට ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිත බව මෙයට පෙර ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළේ ය. අදින් ඇරඹෙන දෙදින චාරිකාවේදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව තිබේ.
එය ද නවදිල්ලියේ දී හෝ උජ්ජායින්හිදී පැවැත්වෙනු ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි. උජ්ජායින්හිදී පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ වැඩසටහන සංවිධාන කර ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විසින් බව ද වාර්තා වේ.
No comments:
Post a Comment