EXCLUSIVE: ප්‍රවාහන අමාත්‍යාංයේ දුම්රිය මැදිරි ගනුදෙනුවක මහා වංචාවක්?  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

EXCLUSIVE: ප්‍රවාහන අමාත්‍යාංයේ දුම්රිය මැදිරි ගනුදෙනුවක මහා වංචාවක්? 

රජයේ ටෙන්ඩර් පටිපාටියට පිටින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය දුම්රිය මැදිරි 160ක් ප්‍රවාහන අමාත්‍යාංශය මිලදී ගැනීමට කිරීමට සැලසුම් කර ඇතැයි විගස පුවත් වෙබ් අඩවියට වාර්තා වේ.

ඉන්දීය එක්සිම් බැංකුවේ සහනදායී ණය යෝජනා ක්‍රමය යටතේ මෙම දුම්රිය මැදිරි මිලදී ගැනීමට සැළසුම් කර ඇති අතර මෙම දුම්රිය මැදිරි මිලදී ගැනීමට සාමාන්‍ය රජයේ ක්‍රියාපටිපාටියට අනුව ප්‍රවාහන අමාත්‍යංශය ටෙන්ඩර් කැඳවීමක් සිදු කර නොමැති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සඳහා ටෙන්ඩර් කැඳවීමට පුවත්පත් නිවේදන හෝ අවම වශයෙන් ගැසට් කර හෝ නොමැත. දුම්රිය මැදිරි නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම් කිහිපයක් ඇති අතර එම අතරින් අවම වශයෙන් එක් සමාගමක් දුම්රිය මැදිරි ලබාදීමට ශ්‍රී ලංකා රජයෙන් ද ඉල්ලීමක් කර ඇතැයිද වාර්තා වේ.

මේ අතර ඉන්දියාවෙන් මෙම දුම්රිය මැදිරි මිලදී ගන්නේ නම් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිර්දේශ මත ඉන්දීය රජයට සම්බන්ධ සැපයුම්කරුවෙකු නම් කර තිබේ. ඒ අනුව මෙම දුම්රිය මැදිරි මිලදී ගැනීමේ ගනුදෙනුව අදාල ඉන්දීය සැපයුම්කරුවෙකු හරහා ප්‍රවාහන අමාත්‍යංශය සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ ගනුදෙනුව ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව, තරගකාරී මිල ගණන් කැඳවීමකින් තොරව සිදු කීරීමෙන් විශාල වංචාවක් සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි. සාමාන්‍යයෙන් දුම්රිය මැදිරි මැදිරියක් රුපියල් මිලියන 40ක් පමණ ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad