මහේල ICC පුටුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

මහේල ICC පුටුවට

අවුරුදු 03 ක ධූර කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා අයි.සී.සී. ක්‍රිකට් කමිටු සාමාජිකයෙකු ලෙස නම් කර තිබේ.

ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ් මහතා ද අයි.සී.සී. කමිටු සාමාජිකයෙකු ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිටපු ක්‍රිකට් ක්‍රීඩක මාර්ක් ටේලර්ගේ ධූර කාලය අවසන්වීම හේතුවෙන් මහේල ජයවර්ධන මහතා පත් කර තිබේ.

අයි.සී.සී. ක්‍රිකට් කමිටුවට ක්‍රීඩකයන්, විනිසුරුවරු සහ ජනමාධ්‍ය යන සියලු අංශ නියෝජනයවන ලෙස සාමාජිකයන් පත් කර ගැනීම සිදු කරයි. එම කටිමුවේ සභාපති ලෙස හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්බ්ලේ මහතා පත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad