කුසල් වෙනුවෙන් ICCයෙන් වන්දි ඉල්ලීමේ සූදානමක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

කුසල් වෙනුවෙන් ICCයෙන් වන්දි ඉල්ලීමේ සූදානමක් 

කුසල් වෙනුවෙන් ICCයෙන් වන්දි ඉල්ලීමේ සූදානමක් 
විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ දී කුසල් ජනිත්ගේ සේවය ලබා ගැනීමට නොහැකිවීම සමබන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ඩොලර් මිලියනයක පමණ වන්දියක් ඉල්ලා සිටීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් සූදානම්වන බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් සෙසු කි‍්‍රකට් නිලධාරීන්ගෙන් මෙන්ම රජයේ ඇතැම් පාර්ශ්වවලින් ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිංලග සුමතිපාල මහතා වෙත පීඩන එල්ලවන බව ද දැනගන්නට තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේ දී ඊයේ (12) පැවැති පුවත්පත් සාකච්ඡාවක දී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් කළ විමසීමක දී සුමතිපාල මහතා පැවසූවේ අදාළ කරුණ පිළිබඳ කී‍්‍රඩා ඇමතිවරයාගේ අදහස් ලබාගත යුතු බවයි.

ඒ පිළිබඳ අදහස් දක්වන තිංලග සුමතිපාල මහතා, "අපි අදත් ඒ ගැන කතා කළා, ඒත් අපේ පැත්තෙතන් බලන විට, විශේෂයෙන්ම කී‍්‍රඩකයා ගැනත් හිතනවිට, ස්ථිර වශයෙන්ම අපට යම් වන්දියක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා... ඒත් අපට ඉතාමත් වැදගත් දේ වුණේ පුළුවන් තරම් ඉක්මනින් කුසල් ව නැවතත් කී‍්‍රඩාව තුළටත් කණ්ඩායමටත් ගෙනල්ලා රට වෙනුවෙන් කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ලබා දීමයි” යනුවෙන් සඳහන් කළේ ය.

තවත් පාර්ශ්වයක මතයවන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාව සමග එදිරිවාදීකම් පිරිමසා ගැනීමට මෙය අවස්ථාව නොවන බවයි. කුසල් ජනිත්ගේ තහනම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට එරෙහි ව සිදු වූ කුමන්ත‍්‍රණයක් ද යන්න පිළිබඳ මාධ්‍ය නියෝජිතයකු විමසූ අවස්ථාවේ දී කි‍්‍රකට් සභාපතිවරයා එම අදහස සම්පූර්ණයෙන්ම බැහැර කර තිබේ.
"ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මේ සම්බන්ධයෙන් තරමක් වෙනස් ආකාරයේ පියවර ගනීවි. 

ඒ සඳහා අපි කී‍්‍රඩකයන් එක්ක වගේම නීතිඥවරුන් එක්කත් සාකච්ඡා කරන්න ඕනා" "ඒ වගේම කී‍්‍රඩා ඇමතිවරයාගේ අවවාදය සහ නිර්දේශයත් මෙතැන දී මට වැදගත් වෙනවා" යනුවෙන් ද ඔහු පැවසී ය.
කුසල් ජනිත්ගේ සේවය මාස 06ක පමණ කාලයක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට නොලැබීම හේතුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදු වූ අලාභය අන්තර්ජාතික කි‍්‍රකට් සභාව හමුවේ වන්දියක් ඉල්ලා සිටීමට ශී‍්‍ර ලංකාවට ඇති මාහැඟි අවස්ථාවකි. 

ඒ සඳහා අදාළ පාර්ශ්වයන් වෙන වෙනම කි‍්‍රයාත්මකවීමේ තත්ත්වයක් තිබිය හැකි යයි සුමතිපාල මහතා පිළිගත්ත ද අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් එක එල්ලේම වන්දියක් ලබා ගැනීමේ ස්ථාවරයට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තල්ලූ වී යාම පිළිබඳ නිශ්චිත යමක් පැවසීමෙන් වැළකී තිබේ.

"අපේ කී‍්‍රඩකයා අහිංසකයි කියලා දැන් අපි සාධාරණ සැකයකින් තොරවම ඔප්පු කරලා තියෙන නිසාත්, ඔහු වැරදිකරුවෙක් නොවන නිසාත්, ඒ වගේම, අපේ විද්‍යාත්මක කරුණු පැහැදිළි කිරීම්වලට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව එකඟ වෙලා තියෙන නිසාත්, ඔහුට කී‍්‍රඩකයෙක් වශයෙන් ඒ සඳහා වන්දියක් ඉල්ලා සිටීමේ අවස්ථාවක් තියෙනවා"

"ඒක අපට පිළිගන්න වෙනවා. ඒ ගැන අපිට සාධාරණ දෘෂ්ටි කෝණයකින් බලන්න වෙනවා" "ඒත් අනිත් පැත්තෙන් බලන කොට අපිම අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ කොටස්කරුවන් ද වෙනවා. අන්න ඒ නිසා තමයි අපිට කී‍්‍රඩා ඇමතිවරයාගේ නිර්දේශය අවශ්‍ය වෙන්නේ" යැයිද තිලංග සුමතිපාල මහතා පැවසී ය.

කුසල් සම්බන්ධයෙන් විද්‍යාත්මක කරුණු පැහැදිළි කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට අති විශාල මුදලක් වැය වී ඇති බවත් රුපියල් මිලියන 13 ක් ඉක්මවා ඇති  බවත් තිලංග සුමතිපාල මහතා පෙන්වා දෙයි.
ඒ සම්බන්ධයෙන් වියදම් වූ මුදල ලබා ගැනීමේ හැකියාවක් බොහෝ විට තමන්ට ඇති බවත් ඒ සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාව සමග සාකච්ඡා කළ යුතු බවත් තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad