Honda මෝටර් රථ හිමියන් පරිස්සම් විය යුතු හේතුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

Honda මෝටර් රථ හිමියන් පරිස්සම් විය යුතු හේතුව

Honda මෝටර් රථ සඳහා යොදා ගනු ලබන වායු බැලූනවල ගැටළුකාරීත්වයක් මතුව ඇති බවට වාර්තා වනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ අනතුරු සිදුවන අවස්ථාවන් හිදී වායූ බැලූන පුපුරා යාම හේතුවෙන් මේ දක්වා ලොව පුරා මරණ 10 කට වඩා වාර්තා වී ඇති බවයි.

මෙහි ආසන්නතම මාරාන්තික රිය අනතුරු දෙක පසුගිය අප්‍රේල් 15 සහ මැයි 01 දිනවල මැලේසියාවේ දී සිදුව තිබෙනවා.  අප්‍රේල් 15 දින අනතුරට ලක්වූ රථය 2006 නිෂ්පාදිත හොණ්ඩා සිටි වර්ගයේ එකක් වන අතර මැයි 01 දින අනතුරට පත්වූ වාහනය 2003 නිෂ්පාදිත හොණ්ඩා සිටි වර්ගයේ එකකි. මෙම රථ දෙකෙහිම තිබී ඇත්තේ Takata සමාගම විසින් නිෂ්පාදනය කරන ලද වායූ බැලූන බවට වාර්තා වනවා.

ජපානයේ ව්‍යාපාරික පුවත්පතක් වන Nikkei newspaper විසින් මේ බව මුල් වරට අනාවරණය කළ අතර එහි සඳහන් වන්නේ Takata සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ ලොව පුරා රථවාහන වල තිබෙන අඩුම තරමින් මිලියන 20 ක් පමණ වන ආරක්ෂක උපාංග මෙම තත්ත්වය මත යළි කැඳවිය යුතු බවයි.

මැලේසියාවේ දී මෑතක දී අනතුරට ලක් වූ මෝටර් රථ දෙකෙහිම තිබී ඇත්තේ Takata වායු බැලූන බව හොණ්ඩා සමාගම ද මේ වන විට තහවුරු කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ ඔබ හොණ්ඩා මෝටර් රථ හිමියෙකු නම් එහි වායු බැලූනය පිළිබඳ වඩා සැලකිලිමත් වන ලෙසයි. එය Takata සමාගමේ නිෂ්පාදනයක් නම් වහාම සමාගම වෙත ඒ බව දැනුම් දෙන ලෙස Nikkei newspaper සඳහන් කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad