නිලාවෙලි, විජයබා නාවික කඳවුර TNA ඉල්ලීමෙන් ඉවත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

නිලාවෙලි, විජයබා නාවික කඳවුර TNA ඉල්ලීමෙන් ඉවත් කරයි

මානුෂිය සටනේ නාවික හමුදා නැගෙනහිර රැකවලා වූ නිලාවේලි නාවික හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත්කර දැමීමට සියල්ල සුදානම් කර තිබෙනවා. ඒ අනුව නාවික කඳවුරේ මැනුම් කටයුතු මේ දිනවල සිදුවන අතර TNA ඉල්ලීමකට අනුව කඳවුර ඉවත්කර ද්‍රවිඩ පිරිසක් සදහා එම ඉඩම ලබා දෙන බවයි දෙමල ජාතික සංවිධානයේ නියෝජිතයකු සදහන් කරන්නේ.

යුද්ධය පැවති 2008 වසරේදී කැනඩා රජයෙන් මිලදීගත් අති නවීන, එවකට දකුණු ආසියාවේ විශාලතම රේඩාර් පද්ධතිය ස්ථානගත කෙරුනේ නිලාවේලි විජයබා නාවික කදවුරේ වන අතර ඒ සදහා බලපෑ ප්‍රධාන හේතුව වන්නේ නැගනහිර මුහුදේ ආරක්ෂාව සදහා උපක්‍රමශිලිව ඉතා වැදගත්ම ස්ථානයක් වශයෙන් නිලාවේලි හදුනා ගැනීම බවයි නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

ගැඹුරු මුහුද නිරීක්ෂණය කිරීම සදහා නාවික හමුදාව සතු වැදගත්ම රේඩාර් පද්ධතිය මෙය වන අතර ඉදිරි වසර 30ක කාලයක් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත්ව පවත්වා ගැනීමේ අරමුණ ඇතිව මෙවැනි නවීන රේඩාර් පද්දතියක සේවය නාවික හමුදාවට අත්‍යවශ්‍ය වීම හේතුවෙන් එවකට ආරක්ෂක බලධරයින් මෙම රේඩාර් පද්ධතිය මිලදී ගත්බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad