ලොවක් මවිත කළ සෙවනැල්ලක් නැති අත්භූත මිනිසා - CCTV දර්ශන සහිතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 8, 2016

ලොවක් මවිත කළ සෙවනැල්ලක් නැති අත්භූත මිනිසා - CCTV දර්ශන සහිතයි

ඡායාවක් නොමැතිව ගමන් කරන අද්භූත මිනිසෙක් CCTV කැමරාවක අහම්බෙන් සටහන් වී තිබෙනවා. සාමාන්‍යයෙන් ඔබ අප චිත්‍රපටවලින් දැක ඇති හොල්මන් සහ අවතාරවලට එකවර නොපෙනි යාමට හැකි අතර, සෙවනැල්ලක් ද නොමැත. නමුත් බොහෝ දෙනෙක් අද්භූත දේවල් විශ්වාස නොකරයි.

නමුත් ඒවා පිළිගැනීමට තරම් සාක්ෂි සහ අත්දැකීම් නොමැති නිසා එවැනි දේවල් විශ්වාස නොකිරීමට පෙළඹීම සාමාන්‍ය දෙයක්. පාවහන් වෙළඳ සැළක සවි කර තිබූ CCTV කැමරාවක සටහන් වූ මෙම රූප රාමු පෙළ ලොව පුරා බෙහෙවින් ප‍්‍රචලිත වූ අතර බොහෝ දෙනෙක් පුදුමයට පත්කිරීමටද සමත් වී ඇත.

මෙම රූප රාමු පෙළ හොඳින් නැරඹුවොත්, ඡායාවක් නොමැතිව කැඩපතක් අසලින් ගමන් කරන අද්භූත මිනිසෙක් ඔබට දැකගන්නට ලැබේවි. මෙම වීඩියෝව නැරඹු ඇතැමෙක් නම් පවසන්නේ මේ සිටින්නේ අහම්බෙන් කැමරාවක සටහන් වූ ලේ උරා බොන වැම්පයර් කෙනෙක් බවයි.

ඇතැමෙක් එසේ පවසත්දී සමහරෙක් පවසන්නේ මෙම වීඩියෝව මිනිසුන් මුලා කිරීමේ අදහසින් යුතුව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බවයි. කෙසේ වුවත් එම cctv කැමරාවේ සටහන් වූ වීඩියෝ පටය පහතින් නරබන්න.

ඔබ මෙය විශ්වාස කරනවාද නැද්ද යන්න සහ ඔබේ මතයත් දක්වන්න.



No comments:

Post a Comment

Post Bottom Ad