වව්නියාවල බෝගස්වැවල සැළලිහිණිගම ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් පාසල් සිසුවෙකු මියගොස් ඇති බව වව්නියාව පොලීසිය සඳහන් කරයි.
එම පාසල් සිසුවා වෙනත් නිවසක ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් මියගොස් ඇති බව වව්නියාව පොලීසිය පවසයි. අදාල නිවසේ හිමිකරු නිවසට සොරුන් ඇතුළුවීමට නොහැකි පරිදි නිවසේ ඉදිරිපස දොරටුවට සහ සුළන් කවුළුවලට විදුලි රැහැන් ඇද තිබූ අතර එම නිවස අසළින් ගිය සිසුවා නිවසේ කිසිවකු සිටී දැයි සොයා බැලීමට සුලන් කවුළුවක් විවෘත කර ඇති අතර එහි දී ඔහු විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවට පරික්ෂණවලින් අනාවරණ වී ඇත.
මෙසේ විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ බෝගස්වැව සැලලිහිණිගම පදිංචි ආර්.එම්. අමිල සඳරුවන් නමැති පාසල් සිසුවෙකි. අදාල විදුලි රැහන් ඇද තිබූ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳ වව්නියාව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
වන්නි - රොමේෂ් මධූෂංඛ

No comments:
Post a Comment