බලය ලබාගන්නා, බලය භාවිතා කළ යුත්තේ, බලය ශක්තිමත් කර ගැනීමට නොව තමන්ට බලය ලබාදුන් ජනතාව ශක්තිමත් කිරීමට බව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජනතාව ලබාදෙන බලය, තම බලය ශක්තිමත් කර ගැනීමට සහ අන් අයගේ බලය විනාශ කිරීම උදෙසා භාවිතා කරන දේශපාලනඥයින් අතර කිසිදා බලය අනිසි ලෙස භාවිතා නොකළ ලලිත් ඇතුලත්මුදලි වැනි චරිත මහා ආදර්ශයක් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ගුණ සමරමින් පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවයේ ප‍්‍රධාන ගුණ සමරු දේශනය සිදු කරමිනි.
ජනතා හදවත් තුළ එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් නොමැකෙන චරිතයක් වූ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා කිසිඳා තම බලය, බලය ශක්තිමත් කර ගැනීමට භාවිතා නොකළ අතර දූෂණය, වංචාව සහ අක‍්‍රමිකතාවය මෙන්ම රාජ්‍ය දේපළ තම සුඛ විහරණය සඳහා භාවිතා නොකළ ආදර්ශවත් දේශපාලනඥයෙක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
නිදහසින් පසු රටේ බිහි වූ දේශපාලන චරිත අතුරින් අවංක, සැබෑ මානව හිතවාදියෙකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා එදා පාර්ලිමේන්තුව තුළ හැසිරුණු ආකාරය සහ සිදු කරන ලද ප‍්‍රකාශ අද දේශපාලඥයින්ට මහා ආදර්ශයක් ගෙන දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එතුමා ආරම්භ කළ ව්‍යාපෘති අතර මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන එතුමාගේ නාමය සැමදා ජනතා හදවත් තුළ සනිටුහන් කළ ව්‍යාපෘතියක් බව පැවසූ ජනාධිපතිවරයා එදා මෙදා තුර බලයට පැමිණි සෑම රජයක්ම එය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන ආ බව ද සිහිපත් කළේය.

No comments:
Post a Comment