උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීමට නැගෙනහිර පළාතේ ජනතාවගෙන් අති බහුතරයක් විරුද්ධය යන්න සිය මතය බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.
කිසියම් පලාතක සීමා මායිම් ඇතුළු ඕනෑම වෙනස්කමක් කළ යුත්තේ අදාළ පළාතේ ජනතාවගේ කැමැත්ත මත පදනම් වී බවත් එමෙන්ම ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මතු වන ඉල්ලීම පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය වික්‍රමරත්න සඳහන් කර තිබේ.
එහිදී ඔහු මෙසේද සදහන් කළේය.
"ෆෙඩරල් කියන්නේ තවත් ආණ්ඩුක්‍රම විශේෂයක් පමණයි නේ? 1926 බණ්ඩාරනායක මහතා තමයි ලංකාවට පලවෙනි වරට ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කෙරුවේ, ෆෙඩරල් ක්‍රමයක් පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් මේ එක තනි රටක් තුල ඕනෑම ආණ්ඩුක්‍රම විශේෂයක් යෝජනා කිරීමට තියන අයිතිය අපි පිළිගත යුතුයි."
ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව සිය පුද්ගලික ස්ථාවරය වන නමුත් ඒ සම්බන්ධයෙන් විවිධ මතවාද පවතින බැවින් ස්ථිර වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු වන බව පමණක් තමන්ට සහතික කළ හැකි බවත් ඔහු සඳහන් කළේය. කලක් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ පිරිසක් පවා වර්තමානයේ ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සම්පාදනයට සහභාගි වීම යහපත් ප්‍රවනතාවයක් ලෙසින් දකින බවත් ඔහු පැවසී ය.

No comments:
Post a Comment