'සේරුවිලට අයිතිවාසිකම් කියන්නේ නෑ' - මහමෙව්නාවෙන් නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

'සේරුවිලට අයිතිවාසිකම් කියන්නේ නෑ' - මහමෙව්නාවෙන් නිවේදනයක්

'සේරුවිලට අයිතිවාසිකම් කියන්නේ නෑ' - මහමෙව්නාවෙන් නිවේදනයක්
සේරුවිල මංගල රාජමහා විහාරයට අයිතිවාසිකම් කීමේ අදහසක් මේ වනවිට හෝ ඉදිරියේ දී ද නොමැති බව මහමෙව්නාව භාවනා අසපුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේ ද දැක් වේ. 

"අපවත් වී වදාළ සේරුවිල මංගල රාජමහා විහාරාධිපති ශ‍්‍රී කල්‍යාණවංශ නිකායෙහි අනුනායක සේරුවිල සරණකිත්ති මාහිමියන්ගේ අභාවයෙන් පසු ආදාහන පූජෝත්සවය පිළිබඳ කථාබහ පවතින අතරේ සේරුවිල රාජමහා විහාරස්ථානයේ අධිපතිභාවය පිළිබඳ දෙපාර්ශවයක් අතර ගැටලු පැන නැගී ඇති බවට මාධ්‍යවලින් විවිධ තොරතුරු දැන ගන්නට ලැබේ. 

එහි එක් පාර්ශවයක් පිළිබඳ නම සඳහන් නොවන හෙයින් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සහ මහමෙව්නාව භාවනා අසපුව ඈඳා ගන්නට උත්සාහ දරන බව අපට දකින්නට ලැබේ.  සේරුවිල අධිපතිභාවය පිළිබඳ අයිතිය අධිකරණයෙන් තීන්දු විය යුත්තක් හෙයින් ඒ පිළිබඳ අපි කිසිවක් නොපවසමු.

විශේෂයෙන් ම සැදැහැවත් බෞද්ධ ජනතාවට අප දැනුම් දෙන්නේ සේරුවිල විහාරාධිපති පදවිය පිළිබඳ අර්බුදයට  කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ හෝ මහමෙව්නාව භාවනා අසපුව කිසිසේත් සම්බන්ධ නැති බවයි.  මෙතෙක් කලක් සේරුවිල විහාරස්ථානයේ මහමෙව්නාවේ සඟ පිරිස වැඩ වසමින් වත් පිළිවෙත් කිරීම්, රන්වැට පූජා කිරීම් ආදී සියලු පින්කම් කරනු ලැබුවේ අපවත් වී වදාළ ගුරුදේව මාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීමට පමණි" යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad