රටේ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට අවධානය යොමු කරමින් බුද්ධි අංශ ලබාදුන් වාර්තාවක් ප්‍රකෘති කිරිම සම්බන්ධයෙන් බුද්ධි අංශය තුල ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතල කලකිරිමක් හටගෙන ඇති බව බුද්ධි අංශ ප්‍රධානියෙකු අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සමග පවසා තිබේ.
රටේ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකර අදාළ වාර්තාව ආරක්ෂක මණ්ඩලයට යොමු කරන ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේන් කල ඉල්ලිමකට අනුව අදාළ වාර්තාව සැකසු බවත් එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුල ඉහල පෙලේ ප්‍රභූ ඝාතනයක් සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහල අගයක පවතින බවත් එම බලපෑම වැඩියෙන්ම ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බවත් අනාවරණය කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 100%ක ආරක්ෂක අවදානමක් ඇති අතර හමුදාව ඇතුලු නව ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කරයුතු බවද එම වාර්තාව හරහා පෙන්වා දුන් බවද ඔහු තහවුරු කර සිටියා.
එම වාර්තාවට අනුව ප්‍රභූ ඝාතන ලැයිස්තුවේ අවධානමට ලක්ව ඇති දෙවැනියා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වන අතර ඊට අමතරව යුද්ධය අවසන් කිරිම සදහා යුධ හමුදාවට නායකත්වය දුන්හමුදා නිළධාරින් රැසක්ද එම ලැයිස්තුවේ මුලම සිටින බවත් හිටපු යුධ හමුදාපති වත්ම්න අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට ද අනතුරකට මුහුණ දිමේ අවදානමක් ඇති මුත් එය සියයට 20 (20%) අඩු අගයක් බවද බුද්ධි අංශ අනවරණය කර තිබේ.
ඊට අමතරව මන්ත්‍රිවරුන් වන විමල් විරවංශ,අනුර කුමාර,ප්‍රසන්න රණතුංග,විජයදාස රාජපක්ෂ ඇතුලු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද ආරක්ෂක අවදානමක් ඇති බවට තොරතුරු එම වාර්තාව හරහා අවධාරණය කර තිබේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරක්ෂක අවදානම ඇත්තේ සියයට 10කටත්(10%) අඩු ප්‍රමාණයක් බවත් එයද මහා මාර්ගයේ හෝ ගුවන් ගමන් වලදි විටදි සිදුවිය හැකි අනතුරු ලෙස පෙන්වදි තිබු බවද ඔහු අනවරණය කර තිබේ.
නමුත් අදාළ වාර්තාව විකෘති කරමින් රජයේ ඇතැම් අමාත්‍යවරුන් තැන තැන අසත්‍ය පතුරවමින් සිටින් බවත් ඒ සදහා කප්පම් ගසමින් කටයුතු කරන පොලිස් ප්‍රධානින්ද දායකත්වය ලබාදිම පිළිබඳව බුද්ධි අංශ සමාජිකයන් අතර දැඩි කලකිරිමට හේතු වි තිබේ.
Friday, May 13, 2016
Home
අනාවරණ
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දුන් බුද්ධි අංශ වාර්තාව විකෘතිය කරලා -බුද්ධි අංශ කලකිරිමෙන්
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දුන් බුද්ධි අංශ වාර්තාව විකෘතිය කරලා -බුද්ධි අංශ කලකිරිමෙන්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment