තරුණ කාන්තාවකගේ කුසේ හටගත් කිලෝ 14ක පමණ විශාල ගෙඩියක් ශල්‍යකර්මයක් මගින් සාර්ථකව ඉවත් කිරීමට ඊයේ (12) අනුරාධපුරයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබේ.
මෙම කාන්තාවගේ ඩිම්බ කෝෂයක හටගත් මෙම ගෙඩිය උදරය විශාල වන තෙක් හඳුනාගෙන නොතිබූ අතර පසුව විශේෂ පරීක්ෂණ ඔස්සේ සැත්කමක් සිදු කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇත. 35 වන වියේ පසුවෙන මෙම කාන්තාව කලාවැව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
ප්‍රසව හා නාරි ශල්‍ය වෛද්‍ය ජගත් එන්. හේරත් මහතා, නිද්‍රා වෛද්‍ය කෝශල ඩෙප් මහතා සහ වෛද්‍ය නිලධාරී ලංකා චන්ද්‍ර යන මහත්වරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක් අනුරාධපුර පෞද්ගලික රෝහලක දී ඊයේ මෙම සැත්කම සිදු කළ අතර මේ වනවිට සැත්කමට ලක්වූ කාන්තාවගේ තත්ත්වය සුව අතට පත්වෙමින් පවතින බව එම රෝහලේ නිලධාරීන් සඳහන් කරයි.
වෛද්‍යවරුන් කියාසිටින්නේ ඇගේ සිරුරින් ඉවත් කළ ගෙඩිය පුද්ගයෙකුට තනිව එසවීමට පවා අසීරු බවත් එහි පළල හා උස අඟල් 9ක් පමණ වන බවත් ය. එම කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍ය ජගත් හේරත් මහතාගෙන් කළ විමසුමේ දි ඔහු සඳහන්කළේ ඇතැම් විට කාන්තාවන්ගේ ඉදිරියට නෙරූ කුස තුළ මෙවැනි ගෙඩි තත්ත්වයක් තිබිය හැකි බවත් එවැනි සැක කටයුතු අවස්ථා වල දී සැළකිලිමත් විය යුතු බවත් ය.
ඡායාරූප පහතින්....

No comments:
Post a Comment