ලෝක ථෙරවාදී බෞද්ධ සංඝ සභාවේ සභාපති ධූරය අනුරුද්ධ හිමියන්ට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

ලෝක ථෙරවාදී බෞද්ධ සංඝ සභාවේ සභාපති ධූරය අනුරුද්ධ හිමියන්ට 

ලෝක ථෙරවාදී බෞද්ධ සංඝ සභාවේ සභාපති ධූරය අනුරුද්ධ හිමියන්ට 
ලෝක ථෙරවාදී බෞද්ධ සංඝ සභාවේ සභාපති ලෙස පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමිපාණෝ තේරී පත්වී තිබේ.

තායිලන්තයේ පූජ්‍ය නන්තදම්මෝ හිමියන් එම සංඝ සභාවේ ලේකම් වශයෙන්ද, මියන්මාරයේ පූජ්‍ය ඉන්ද්‍රයාන හිමියන් භාණ්ඩාගාරික වශයෙන්ද පත් කර ගෙන ඇත.

නියෝජ්‍ය ලේකම් ලෙස පූජ්‍ය ඛේමදම්මෝ හිමියන් (නෙදර්ලන්තය) සහ උප සභාපති ලෙස බුන්කන් හිමියන්ද (ලාඕසය) තේරී පත් වී තිබේ. 

ලෝක ථෙරවාදී බෞද්ධ සංඝ සභාව පෙරේදා(09) කොළඹදී ප්‍රථම වරට එක් රැස්වූ අතර බෞද්ධ රටවල් මුහුණ දෙන ගැටලු සහ අභියෝගවලට මුහුණ දීම පෙරදැරිව බිහිවූ එම සංඝ සභාවට රටවල් 12 ක් අයත් වෙති.

No comments:

Post a Comment

Post Bottom Ad