බෝගල පතලේ සත්‍යග්‍රහය අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

බෝගල පතලේ සත්‍යග්‍රහය අවසන්

රුපියල් 5000ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් බෝගල මිනිරන් පතලේ සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය සහ සත්‍යග්‍රහය අවසන් කර ඇති බව වාර්තා වේ. 

අදාළ ඉල්ලීම් ලබාදෙන ලෙස බල කරමින් අඩි 1670ක් තරම් පතල අභ්‍යන්තරයේ හිඳිමින් ඊයේ (10) සිට පතල් සේවකයින් මෙලෙස වර්ජනයක නිරත විය.

අන්තර් සේවක සංගමයේ බෝගල ශාඛාවේ නියෝජිත පී. හෙට්ටිආරච්චි මහතා සඳහන්කළේ පාලනාධිකාරිය අදාළ ඉල්ලීම් ලබාදීමට එකඟවීමත් සමඟ තමන් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad