උතුරු පළාත් සභාව විසින් සම්මත කරගත් ෆෙඩරල් යෝජනාව පළමුව ආර් සම්බන්ධන් මහතාට ලබා නොදී කතානායකවරයාට ලබාදීම හේතුවෙන් ඊට විරෝධය පාමින් උතුරු පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් හා උතුරු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා අතර පළාත් සභා සැසි වාරයේ දී උණුසුම් වචන හුවමාරුවක් සිදු වී තිබේ.
උතුරු පළාත් සභාවේ සම්මත කරගත් ෆෙඩරල් යෝජනාව ජනාධිවරයාට, අගමැතිවරයාට, කතානායකවරයාට හා විපක්ෂ නායකවරයාට භාරදීමට කටයුතු යොදා තිබුන ද පළමුව උතුරු මහ ඇමතිවරයා විසින් ෆෙඩරල් යෝජනාව කතානායකවරයාට ලබාදීම සම්බන්ධයෙන් පසුගිය දා රැස් වූ උතුරු පළාත් සභා සැසි වාරයේ දී උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.
ෆෙඩරල් යෝජනාව පළමුව කතානායකවරයාට ලබාදීම කුමන්ත්‍රණයක් බවත් එය හෙළා දකින බවටත් එහි දී දෙමළ ජාතික සන්ධානයේ පළාසභා මන්ත්‍රී කේසවන් සවෙන්ද්‍රන් මහතා කියා සිටියේ ය.
එම ප්‍රකාශයත් සමග ම දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් විසින් කේසවන් සවෙන්ද්‍රන් මහතාගේ ප්‍රකාශයට පක්ෂව හා විපක්ෂ ව අදහස් ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන සිංහල මන්ත්‍රීවරුවන වී. ජයතිලක හා ධර්මපාල සෙනවිරත්න යන පුද්ගලයින් විසින් අදාල ෆෙඩරල් යෝජනාවට ද විරෝධය පළ කර එහි දී පිළිතුරු වශයෙන් අදහස් දැක් වූ උතුරු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා පැවසී ය.
කතානායකවරයා හදීසියේ විදේශගතවීමට සිටි බැවින් පළමුව ෆෙඩරල් යෝජනාව කතානායකවරයාට ලබාදීමට සිදු වූ බවත් එය හැරෙන්නට වෙනත් කුමන්ත්‍රණයක් හෝ වෙනයම් විශේෂ හේතුවක් නොමැති බවටත් ය.
වන්නි - රොමේෂ් මධූෂංඛ
Thursday, May 12, 2016
උතුරු සබේ උණුසුම් තත්ත්වයක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment