තාජුඩීන් ඝාතනය: හිටපු ඕ.අයි.සීට අදත් ඇප නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

තාජුඩීන් ඝාතනය: හිටපු ඕ.අයි.සීට අදත් ඇප නෑ

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නාරාහෙන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතාට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

විත්තියේ නීතීඥවරු ඉදිරිපත් කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් අධිකරණය එම නියෝගය ලබාදුන් බව වාර්තා වේ. එම සිද්ධියට අදාළ ව උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පිළිබඳ පරීක්ෂණ සිදු කරන බැවින් සැකකරු ඇප මත මුදාහැරීමෙන් පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බවට රජයේ නීතිඥවරයා කරුණු ඉදිරිපත් කර තිබේ.

එම කරුණු සැලකිල්ලට ගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා සැකකරු එළැඹෙන 26 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. මේ අතර වසීම් තාජූඩීන් මහතාගේ මුල් පශ්චාත් මරණ පරීක්ෂණ නිසි පරිදි සිදු නොකළැයි චෝදනා ලැබන සිටින කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමර‍සේකර ඇතුළු පිරිසට චෝදනා පත්‍ර ඉදිරිපත් කර පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අද දැනුම් දී තිබේ.

එම පරීක්ෂණ කඩිනමින් සිදුකරන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad