ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වන ඊ මෝටරින් ක්‍රමය හෙවත් නිවසේ සිට වාහන බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදයත්, ජංගම දුරකථන මගින් මුදල් ගෙවීමේ ක්‍රමවේදයත් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මෙම තාක්ෂණික ක්‍රමවේදය උපයෝගී කර ගැනීම තුළින් බලපත්‍ර අයදුම්කරුට කොළඹ කාර්යාලයට ගොස් කාලය, මුදල් හා ශ්‍රමය නාස්ති කිරීමට අවශ්‍ය නොවන බවත්, නිවසේ සිටම මෙම ඊ මෝටරින් සේවාව ලබාගැනීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම සියලු කටයුතු එකම වහලක් යටදී කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම සිදුකරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු විමධ්‍යගත කිරීම නිසා කොළඹ කාර්යාලයට නොගොස් දිස්ත්‍රික් කාර්යාලයේ ඔන්ලයින් සේවාව තුළින් රිය පැදවීමේ බලපත්‍ර ලබාගැනීමේ පහසුකම් ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් මීට අමතරව නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ඊ මෝටරින් සේවාව හඳුන්වාදීම සිදුකෙරෙන බවත් පැවසීය.
ඇමතිවරයා මෙම අදහස් පළකළේ රුපියල් මිලියන හැත්තෑවක වියදමින් ඉදිකළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයේදීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය නව දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීම තුළින් මසකට නව රියදුරු බලපත්‍ර 500ක් පමණ නිකුත් කිරීමට හැකිවීමත් මෝටර් රථ යෝග්‍යතා පරීක්ෂාවත් යතුරුපැදි ලියාපදිංචිය හා උපදේශක සේවා සහ රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ලිඛිත පරීක්ෂණ ඇතුළු විවිධ සේවාවන් රැසක් ඉටුකර ගත හැකිවේ.
මෙම සේවාවන්ට අමතරව රජයේ මෝටර් රථ තක්සේරු කිරීම හා යෝග්‍යතාව පරීක්ෂා කිරීම හා online සේවාව යටතේ දින 03ක කාලය ඇතුළත රියදුරු බලපත්‍ර ලබාගැනීමට හැකිවීම හා ඊ මෝටරින් ක්‍රමය ක්‍රියාත්මක කිරීම ද සිදුකෙරේ.

No comments:
Post a Comment