රූපලාවන්‍ය ශිල්පිණියක ලෙස පෙනී සිටිමන් හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් මත්කුඩු මිලිග්‍රැම් 5060ක් සමග ගාල්ල, පිලාන ප්‍රදේශයේ දී ගාල්ල පොලීසියේ දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇත.
එම කාන්තාව රත්මලානේ පදිංචි කාන්තාවක්වන අතර ඇය අහංගම, හබරාදුව, ආදි ප්‍රදේශවලට මත්කුඩු බේදාහැර ඇති බව පොලිස් පරික්ෂණවල දී අනාවරණය වී තිබේ. ගාල්ල පොලීසියේ නිලධාරීන් පිලාන ප්‍රදේශයට රාජකාරි කටයුත්තක් සඳහා ගොස් සිටිය දී එම කාන්තාවගේ සැක කටයුතු හැසිරීම හේතුවෙන් ඇය ව පරික්ෂා කර ඇත.
ඇගේ අත්බෑගය පරික්ෂා කිරිමේ දී රූපලාවන්‍ය උපකරණ සමග පාර්සලයක තිබි එම මත්කුඩු සොයා ගෙන ඇත. මුහුණේ අලේප කිරීමට ගන්නා කුඩු ද්‍රව්‍යයක් ලෙස ඇය ඉතා සූක්ෂම අයුරින් එම මත්කුඩු සඟවාගෙන සිටි බව පොලිසිය සඳහන් කරයි.
දරුවන් සිටින කාන්තාවක්වන ඇගේ සැමියා අත්හැර යාම හේතුවෙන් මත්කුඩු ජාවාරමට යොමු වී ඇති බව පොලිසිය පවසයි. එම කාන්තාවට මත්කුඩු ජාවාරම කර ගෙනයාම සඳහා මත්කුඩු ලැබෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ පොලීසිය විසින් පරික්ෂණ ආරම්භ කර ඇත.
ගාල්ල - ලලිත් චාමින්ද

No comments:
Post a Comment