කැලණි ගඟේ ජල මට්ටම ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 16, 2016

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට

කැලණි ගඟේ ජල මට්ටම ඉහළටකැලණි ගඟේ ජල මට්ටම මේ වන විට සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. 

මේ හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

මෙලෙස ක්‍රමක්‍රමයෙන් ජල මට්ටම ඉහළ යෑම නිසා කැලණි ගඟ අවට සිටින පිරිසට අවධානයෙන් සිටින ලෙසද ඒ මහතා අවධාරණය කරයි. ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ කොලොන්නාව, හංවැල්ල යන ප්‍රදේශවල ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩි වී තිබෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad