දිවයින කතෘ අනුර සොලමන් මහතා තමන්ට දුරකථනයෙන් නිරන්තර මරණීය තර්ජන එල්ල වන බවටත් ඒ පිලිබද අනුර කුමාර දිසානායක මහතා සැක බවටත් පොලීසියට මේ වන විට පැමිණිලි කර තිබෙන බව අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්යක හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා අනාවරණය කළා.
“ජනතා විමුක්ති පෙරමුණ දෙවන වතාවටත් මේ රටේ මාධ්යක නිදහසට සහ අදහස් ප්රගකාෂ කිරීමේ නිදහසට අත තියල තියෙනවා. එක්තරා යුගයකනම් ඒක ජනතා විමුක්ති පෙරමුන කලේ තමන්ට එරෙහිව ලියන මාධ්යය වේදීන් මරා දැමීම. තමන්ට එරෙහිව කතාකරන අයගේ කට කපා දැමීම. හැබැයි අද කට කැපීම වෙනුවට වෙඩි උන්ඩය වෙනුවට පෝස්ටරය හා දුරකථනය තෝරගෙන තිබෙනවා.”
“ජනතා විමුක්ති පෙරමුණ පිළිබදවතක් එහි නායකයා පිළිබදවත් පසුගිය ඉරිදා දිවයින පුවත්පතේ ප්රාධාන ප්ර වෘත්ය වගේම විශේෂාංග ලිපියක් පලවුණා. ඒ ලිපිය පලකිරීමට කලින් ඒ පිලිබද ජනතා විමුක්ති පෙරමුනේ මතයත් විමසා එයත් පළකලානම් වඩා හොදයි. එහෙම උනෙත් නෑ. සාමාන්යෙ යන් ඉතින් මාධ්ය වල එහෙම වෙන්නෙත් නෑ.”
“මේ දිවයින පුවත්පත මතුකල පුද්ගලික කාරනා නොසලකා ඉන්න පුළුවන්. නමුත් එහි අඩංගු දේශපාලණ කාරණා වලට පිලිතුරු දීම වෙනුවට ජවිපෙ නායකයන් කලේ දිවයින පුවත්පතේ මාධ්යඩ වේදීන්ගේ පුද්ගලික සබදතා ගැන තොරතුරු හෙළි කිරීම. සමහර ඒවා අසත්යප කරුණු. රට පුරා දිවයින පුවත්පතට එරෙහි පෝස්ටර් ව්යාුපාරයක් ගෙන යාම. ඇතැම් පිරිසක් දිවයින පුවත්පතේ කතෘට එරෙහිව මරණීය තර්ජන එල්ල කර තිබුනා.”
“දිවයින කතෘ අනුර සොලමන් මහතා තමන්ට දුරකථනයෙන් නිරන්තර මරණීය තර්ජන එල්ල වන බවටත් ඒ පිලිබද අනුර කුමාර දිසානායක මහතා සැක බවටත් පොලීසියට මේ වන විට පැමිණිලි කර තිබෙනවා.”
“ජනතා විමුක්ති පෙරමුන කල යුත්තේ මේ චෝදනා වලට පිළිතුරු සැපයීමයි. ඉස්සරනම් අහන දේට වෙන දේකින් උත්තර දුන්නම කියන්නේ කොහෙද යන්නේ මල්ලෙ පොල් කියලා. දැන් කියන්නේ අනුර කුමාර දිවයිනට උත්තර දුන්නා වාගේ කියල.”
“ඒ වගේම මනෝජ් අබේධීර, ජනිත සෙනවිරත්න කියන මාධ්යෙලව්දීන් දෙදෙනාගේ නිවෙස් ඉදිරිපිට පෝස්ටර් වපුරල මරනීය තර්ජන කරලා පවුල්වල අය පවා බියට පත්වෙලයි ඉන්නේ. අපිට මතකයි මීට මාස කීපයකට කලින් ජවිපෙට සම්බන්ධ ලංකා පුව්තපත ගරු පාච රණවක ඇමතිතුමන්ගෙ ලණුවක් කාල මා පිළිබද අසත්යට පුවතක් පිටුවක් පුරා පලකලා. ඉන් කියවුනේ ඇටෝනි බලපත්රටයක් කූට ලෙස හදල රුපියල් කෝටි 10කට වඩා වටින සමාගම් කොටස් වගයක් හොරෙන් විකුනගත්තා කියලයි.
මම මාධ්ය1 හමු තියල ලංකාපුවත්පතට ජවිපෙ හා ඇති සම්බන්ධය හෙළිකලේ නෑ. ලංකා පුවත්පත ගන්න එපා කියා පෝස්ටර් ඇලෙව්වෙත් නෑ. ඒපුවත්පතේ කිසිවෙකුටත් මරණීය තර්ජන කලෙත් නෑ. මම මගේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්යවහමුවකදී ඒ නගපු සෑම චෝදනාවකටම පිළිතුරු සැපයුවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී සේවය ගරු පාච රණවක ඇමතිතුමන් එක්ක කුමන්ත්ර ණය කරලා හිරුණිකා පේමචන්ද්රී මැතිණිය අසත්යච කරුණුවලින් මත් කරල හරියට නාලාගිරි ඇතු රා පොවා මත්කර එවුවා මෙන් ස්වාධීන රූපවාහිනී සංවාද වැඩසටහනකට එවා තිබුනා.
ඇය ඇවිත් මට එරෙහි ඉතාම ද්වේෂ සහගත අසත්ය වූ ප්රනකාෂ 5ක් කලා. මම එතුමියගේන රුපියල් මිලියන 500 ඉල්ලා නඩු පවරා එය විභාග වෙමින් යනවා.” “මා මේ කාරනා දෙකම විස්තර කලේ, වරක් ජවිපෙට සම්බන්ධ පුවත්පකත්ම අපේ මතය ගැන අහන්නැතුව අපට එරෙහි කාරනා පලකලාම අපට අපහාස වන පරිදි තොරතුරු පලකළාම අපි හැසුරුනේ ඒ ආකාරයෙන්. ආණ්ඩුවේ මාධ්යි යොදාගෙන ආණ්ඩුවෙ මන්ත්රීනවරියන් අපට අපහා කලාම අපි කලේ නීතියේ පිළිසරණ පැතීම මිස මාධ්යේයට මාධ්යෙගව්දීන්ට එරෙහිව කටයුතු කිරීම නෙවෙයි.”
“ඒවගේම අනුර කුමාර දිසානායක මැතිතුමන්ටත් කිය්නන ඕනි ඔබතුමන් විසින් මාධ්යව ඉදිරියේ පෙනී සිටිමින් සාක්ෂි නොමැතිව පදනම් විරහිතව අනුන්ට හොරා හොරා කියල අපහාස කලාම ඔවුන්ට හදවතට දැනෙන වේදනාවෙන් අංශුමාත්රුයක් හෝ ඔබතුමාට දැන් දැනිල තියෙනවානම් දිවයින වැදගත් මාධ්යව මෙහෙවරක යෙදුනා කියල දිවයිනටත් ඒ වගේම දිවයින ලොකු සේවයක් කලා කියල අනුර කුමාර මන්ත්රීෙතුමන්ටත් සතුටුවෙන්න පුළුවන් කියල අපි හිතනව. ”
“බුදුරජාන්න වහන්සේ දේශනාකරල තියෙනව ”සබ්බේ තසන්ති දන්ඩස්ස.. සබ්බේ තං ජීවිතන් පියන්..අත්තානන් උපමන් කත්වා…නහ නේය නඝාතයේ…” මින් කියවේනනේ තමුන් ජීවිතේට ප්රි ය කරනව වගේම තම්නට හිංසා කරනවට තමුන් කැමතිනෑ වගේම තමුන් සිටින තැන අනුන් තබා අනුන්ටත් හිංසා කිරීමෙන් වලකින්න කියල බුදු බනේ කියවෙනව.බුදු බණ වෙනුවට මාක්ස්වාදී පොත් කියවපු උදවිය මේ ධ්මමපදයේ ගාතාව දැන සිටියානම් මෙවැනි ඉරනමකය ගොදුරු නොවේවී කියල අපි හිතනව. “
උපුටා ගැනීම : Lankanewsweb.today
Wednesday, May 11, 2016
දිවයින කතෘට අනුරගෙන් මරණීය තර්ජන,පොලීසියට පැමිණිල්ලක්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment