පාතාල ලෝකයේ ප්‍රබලයෙකු වූ නොච්චියාගම සරත් බණ්ඩාර හෙවත් ‘‘එස්.එෆ්. බණ්ඩා“ සහ ඔහුගේ සහචරයන් දෙදෙනෙකු ඝාතනයට ලක් වන්නේ පසුගිය අප්‍රේල් මස 30 වැනිදායි. ඒ, තිරප්පනේ පොලිස් වසමේ කැලෑබද ප්‍රදේශයකදී.
නාඳුනන පිරිසක් ඔහු ගමන්ගත් මෝටර් රථයට ටී - 56 වර්ගයේ ගිනි අවියෙන් වෙඩි ප්‍රහාර 15 ක් පමණ එල්ල කර පළාගොස් තිබුණා. එහෙත්, මෙම ඝාතන සම්බන්ධයෙන් මේ වනතෙක් පොලිසිය කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
937/12 යන අංකය යටතේ ලියාපදිංචි අපරාධකරුවන්නේ ලැයිස්තුවේ සිටින සරත් බණ්ඩාර හෙවත් ‘‘එස්.එෆ්. බණ්ඩාට “ එරෙහිව අපරාධ 36 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් දිවයිනේ අධිකරණ රැසක නඩු විභාග වෙමින් පවතිනවා.
එස්.එෆ්. බණ්ඩාගේ ඝාතනයට දින කිහිපයකට ඉහතදී නොච්චියාගම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු තරුණියක් සමඟ නිරුවතින් සිටියදී එහි කඩා වැදුණු එස්.එෆ්. බණ්ඩා ඇතුළු පිරිසක් ව්‍යාපාරිකයා බිය වද්දමින් එහි දර්ශන වීඩියෝගත කර තිබුණා.
එස්.එෆ්. බණ්ඩා තර්ජණය කරන අයුරු දැක්වෙන වීඩියෝව පහතින්....
Wednesday, May 11, 2016
වෙඩි කෑ SF බණ්ඩා Room එකක හිටිය කපල් එකකට කරදර කරපු හැටි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment