පසුගිය ඉරිදා දිවයින පුවත්පත හරහා ජනතා විමුක්ති පෙරමුණට හා එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව අවලාදාත්මක විශේෂාංග ලිපියක් පලකල මනෝජ් අබේධීර මහතාට ඉල්ලා අස්වන ලෙස එහි පාලනාධිකාරිය විසින් දැනුම් දී ඇත.
ඒ අනුව ඔහු මේවනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපිය එම ආයතනයේ ප්‍රධානි නිමල් වෙල්ගම මහතාට බාරදී තිබෙන බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
දිවයින පුවත්පත අයත් වන උපාලි පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදියකු වශයෙන් වසර ගණනක් සේවය කළ හෙතෙම, පසුගියදා වැඩි වශයෙන් කතාබහට ලක් වූයේ දිවයින පසුගිය (08) සති අන්ත පුවත්පතට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් ලියන ලද ආන්දෝලනාත්මක පුවත හේතුවෙනි.
ජනතා විමුක්ති පෙරමුණේ දෙදරීමක් සම්බන්ධයෙන් පල කරනු ලැබ තිබූ එම පුවත අසත්‍ය බව පසුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයින් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පාර්ශව දිවයින පුවත්පතට එරෙහිව විවිධ ප්‍රචාර දියත් කළ අතර දිවයින පුවත්පතේ බොහෝ පාර්ශව ඒවා මගින් විවේචනය කර තිබිණි.
Wednesday, May 11, 2016
ජවිපෙට මඩ ගැසූ මනෝජ් දිවයිනෙන් දොට්ට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment