ලෝකයේ බිහිවූ ශේෂ්ඨතම එක්දින ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා වන මත විමසුමක් www.cricket.com.au වෙබ් අඩවිය ආරම්භ කොට තිබේ.
එහි අවසන් සිවුදෙනා තෝරා ගැනීම මේ වන විට සිදුවන අතර ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය හා විරාත් කෝලි අතර අවසන් සිවු දෙනාගෙන් එක් අයෙක් තොරා ගැනීම සඳහා මත විමසුමක් පැවැතියේය.
53%ක ඡන්ද ප්‍රතිශතකයක් ලබාගනිමින් ඉන්දියාවේ විරාත් කෝලි පරදා අවසන් සිවුදෙනාට පිවිසීමට සමත් ජයසූරිය සමත්වුණා. එක් අවස්ථාවකදී ප්‍රකාශිත ඡන්ද අතරින් 52%ක ප්‍රතිශතකයක් ඉන්දියාවේ විරාත් කෝලිට හිමිව තිබූ අතර සනත්ට ලැබී තිබුණේ 48%ක ප්‍රතිශතකි. කොලි පරදා සනත් ඉදිරියට පැමිණීම හේතුවෙන් ඔහු හා සචින් අතර අවසන් තරගයට පිවීසීම සඳහා මත විමසුමක් පැවැත්වෙයි.
මේ අතර කුමාර් සංගක්කාර හා ශේන් වෝන් අතර පවතින මත විමසුමෙන් එක් අයෙක් හා ඉම්රාන් ඛාන් හා වකාර් යුනිස් අතර පැවැත්වෙන මත විමසුමෙන් එක් අයෙක්ද අවසන් සිවුදෙනා අතරට පිවිසීමට නියිමිතය.
Wednesday, May 11, 2016
විරාත් කෝලිව පරදා සනත් ජයසුරිය සුපිරි හතර දෙනා අතරට තෙරී පත් වෙයි.
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment