ලොව දිගම ගුවන් ගමන කල්යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

ලොව දිගම ගුවන් ගමන කල්යයි

කටාර් ගුවන් සේවය විසින් ආරම්භ කිරීමට නියමිත වූ ලොව දීර්ඝතම ඍජු ගුවන් ගමන මාස 2කින් කල් දැමීමට සිදුවී ඇති බව එම සමාගමේ ප්‍රකාශකයෙකු ඊයෙ (10) දැනුම් දී තිබේ.

දෝහා සිට නවසීලන්තයේ ඕක්ලන්ඩ් ගුවන් තොටුපළ තෙක් පියාසර කිරීමට නියමිත වූ මෙම ගුවන් ගමන කල් දැමීමට සිදුවී ඇත්තේ ඒ සඳහා යොදා ගැනීමට නියමිත වූ එයාබස් A350 වර්ගයේ ගුවන් යානා අදාළ කාලය වන විට ගෙන්වා ගත නොහැකි වීමයි.

ඒ අනුව දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම ගුවන් ගමන පෙබරවාරි මාසයේ ක්‍රියාත්මක කරන බව එම ප්‍රකාශකයා පවසා තිබේ. එම ගුවන් ගමන සඳහා පැය 17.5ක් ගත වන අතර එහිදී ගමන් ගන්නා දුර ප්‍රමාණය සැතපුම් 9031කි.

No comments:

Post a Comment

Post Bottom Ad